ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව සංවිධානය කරනු ලැබූ 6 වැනි ජගත් තරුණ පොලිස් නිලධාරීන්ගේ සමුළුව විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද පුහුණු කඳවුරේදී ඉකුත්දා පැවැත්විණි. පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාගෙ මගපෙන්වීම යටතේ පොලිස් විශේෂ කාර්ය බලකායෙ අණදෙන නිලධාරී නීතිඥ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ
මෙවන් සමුළුවක් ශ්‍රී ලංකාව තුළ පැවැත්වූ ප්‍රථම අවස්ථාව මෙය විය. එමෙන්ම ලෝකයේ රටවල් 17ක් නියෝජනය කරමින් වයස අවුරුදු 35 ට අඩු පොලිස් නිලධාරීන් 30 දෙනෙක් මෙම සමුළුවට සහභාගි වූහ.
“නූතන ත්‍රස්තවාදයට එරෙහිව” යන තේමාව යටතේ මෙම සමුළුව පැවැත්විණි. ජාත්‍යන්තර පොලිස් නිලධාරීන්ගේ සහයෝගිතාව වර්ධනය කිරීම සහ දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික හුවමාරුව මෙම සමුළුවේ අරමුණ විය.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ වෘත්තිය කොමිෂන් සභාවේ සභාපති සහ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සයිප්‍රස් ශාඛාවේ සභාපති මහාචාර්ය Demetris Demetriu මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමුළුව ඇරැඹිණි.
ජාත්‍යන්තර පොලිස් සංගමයේ ශ්‍රී ලංකා ශාඛාවේ වැඩබලන සභාපති සහ මහ කොමසාරිස් විශාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේතිලක, විශාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ඒ ද ෆොන්සේකා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වෛද්‍ය බස්නායක, විශේෂ කාර්ය බලකායේ අනදෙන නිළධාරි නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර, ගාල්ල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කේ.එන්.ඒ. වෙදසිංහ, විශේෂ කාර්ය බලකා අධ්‍යක්‍ෂක පුහුණු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක, සහකාර පොලිස් අධිකාරී විමලරත්න සහ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සහකාර මහ ලේකම් කාන්තා පොලිස් පරීක්‍ෂක සුනේත්‍රා සෙනෙවිරත්න යන මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් මෙය පැවැත්විණි.



