22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්VTA - Würth Technipreneurs Lanka ව්‍යාපෘතියේ ඇලුමිනියම්  පිරිසැකසුම්, ශීතකරණ හා වායු සමීකරණ...

VTA – Würth Technipreneurs Lanka ව්‍යාපෘතියේ ඇලුමිනියම්  පිරිසැකසුම්, ශීතකරණ හා වායු සමීකරණ ශිල්පී පාඨමාලා අවසන් කළ අය සඳහා සහතිකපත් පිරිනමයි.

Würth Lanka සහ ජර්මන් සංවර්ධන බැංකුව DEG/KfW විසින් සම-අරමුදල් සපයන ලද සහ Nucleus පදනම විසින් ක්‍රියාත්මක කරන ලද ‘Technipreneurs Lanka’ ශ්‍රී ලාංකේය ශිල්පීන් අතර වෘත්තීයභාවය සහ ව්‍යවසායකත්වය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කෙරෙන ව්‍යාපෘතියේ දෙවන අදියරේ   සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගියදා සිදුවිය.

 ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය සඳහා දක්ෂ හා ආර්ථික වශයෙන් ස්වාධීන ශිල්පීන් බිහිකිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර Technipreneurs හි තරඟකාරිත්වය වැඩි කිරීම සඳහා, ඩිජිටල් ජංගම/වෙබ් වේදිකාවක් නිර්මාණය කරනු ලබන අතර, එහිදී සුදුසුකම්ලත් ශිල්පීන්ට ලියාපදිංචි වී ඔවුන්ගේ සේවාවන් පාරිභෝගිකයින්ට අලෙවි කළ හැකිය.එහි එක් පියවරක් ලෙස Craftsman ලෙස නම් කෙරුණු ඇප් එකක් wurth lanka ආයතනය විසින් හඳුන්වාදීම ද සිදු කරන ලදී .

‘Technipreneurs Lanka’ ව්‍යාපෘතිය සදහා VTA මගින් සියලු පුහුණු පහසුකම් හා සම්පත් දායකත්වය  සපයනු ලබන අතර, Nucleus Foundation විසින් එය ක්‍රියාත්මක කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම (AHK Sri Lanka) මෙම ව්‍යාපෘතියේ සහතික ප්‍රදානය කිරීමේ හවුල්කරුවා වන අතර ප්‍රවේශ අවශ්‍යතා, විභාග ව්‍යුහය සම්බන්ධයෙන් ජර්මානු ප්‍රමිතීන් මත පදනම්ව එකඟ වූ ප්‍රමිතීන්ට අනුව පුහුණුව, අධීක්ෂණය සහ සහතික කිරීමේ වගකීම ද දරයි. AHK සහතිකය ශ්‍රී ලාංකේය ශිල්පීන්ගේ තරඟකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කර ගෙන සිදු කරනු ලබයි.

2022 අගෝස්තු 26 වන දින නාරාහේන්පිට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රවණාගාරයේ  පැවති සහතිකපත් ප්‍රදානෝත්සවයේදී තාක්ෂණ ප්‍රවීන පුහුණුව සාර්ථකව නිම කර, කර්මාන්ත සදහා සුදානම් ශීතකරණ හා වායු සමීකරණ අලුත්වැඩියාව ,ඇලුමිනියම් පිරිසැකසුම් ශිල්පීන්  ලෙස සිසුන් 77 දෙනෙකුට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වටිනා සහතිකයක් හා රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමක් ඇති මෙවලම් කට්ටලයක් (Toolkit) ද ප්‍රදානය කරන ලදි.

මෙම අවස්ථාව සදහා VTA වෙනුවෙන් සභාපති/ප්‍රධාන විධායක නිලධාරී එරංග බස්නායක මහතා, උපසභාපති මහේෂ් ආරියරත්න මහතා,අධ්‍යක්ෂ ජනරාල් චූලාංගනී පෙරේරා මහත්මිය,අධ්‍යක්ෂ (වෘත්තීය මාර්ගෝපදේශන හා ප්‍රවර්ධන) චන්දන විදානපතිරණ මහතා ඇතුළු කාර්යමණ්ඩයේ නිලධාරීන්  සහභාගී වූ අතර, Würth Lanka (Pvt) Ltd ආයතනය වෙනුවෙන් එහි  කළමණාකාර අධ්‍යක්ෂ Rohan Amirthiah මහතා හා නිලධාරී මණ්ඩලය ,AHK ආයතනය වෙනුවෙන් පියුමි සිරිගම්පල මහත්මිය ඇතුළු  නිලධාරීන්  සහභාගී විය.

මෙහි සියලු පුහුණු කටයුතු රත්මලාන ජතික වෘත්තීය පුහුණු ආයතනයේ සිදු කළ අතර,එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඉනෝකා වික්‍රමනායක මහත්මිය මෙය මෙහෙයවූ අතර,ප්‍රධාන කාර්යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන අංශයේ වැඩසටහන් නිලධාරිනී කලෙයිවානි මහත්මිය මෙය සම්බන්ධීකරණය කරන ලදි.

ජීවිතයට හැකියාවක්,හැකියාවට රැකියාවක් ඔබත් එක්වන්න ලෝකය දිනන්න වෘත්‍තීය පුහුණු අධිකාරිය සමඟින්.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments