27.3 C
Sri Lanka
Monday, June 23, 2025
Homeදේශීය පුවත්දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට...

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථම වතාවට දේශීය ආයුර්වේද සායනයක් ආරම්භ කරයි

රාජගිරිය ආයුර්වේද රෝහලේ ආයුර්වේද වෛද්‍යවරුන් විසින් මෙහෙයවනු ලබන, ගුවන් හමුදා කොළඹ කඳවුරු රෝහලේ අභිනවයෙන් විවෘත කරන ලද ආයුර්වේද සායනය විවෘත කිරීමේ උත්සවය ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ සංකල්පයකට අනුව ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එල්.ආර්. ජයවීර මහතාගේ උපදෙස් පරිදි කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා රෝහලේ අණදෙන නිලධාරී ගෲප් කපිතාන් පී.ඒ.වී පද්මපෙරුම මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම සායනය ආරම්භ කරන ලදී.

දේශීය වෛද්‍ය විද්‍යාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම ආයුර්වේද සායනය මගින් ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම විශ්‍රාමික ගුවන් හමුදා පුද්ගලයින් සඳහාද ආයුර්වේද ඖෂධ ලබා දෙනු ඇත. මෙම ආයුර්වේද සායනය රාජගිරිය ආයුර්වේද රෝහල සමඟ ඒකාබද්ධව සෑම මසකම බ්‍රහස්පතින්දා දිනයන්හිදී කොළඹ ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments