26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව මෙරටට ගෙනත් අලෙවි කිරීමට ගිය වටිනා වාලම්පූරියක් සමග අයකු හා ඔ්ස්ට්‍රේලියාවට...

නීතිවිරෝධිව මෙරටට ගෙනත් අලෙවි කිරීමට ගිය වටිනා වාලම්පූරියක් සමග අයකු හා ඔ්ස්ට්‍රේලියාවට පුද්ගලයින් යවන ජාවාරමක් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

රුපියල් කෝටියක මුදලකට අලෙවිය සඳහා සූදානම් කර තිබූ වාලම්පුරියක් සමඟ පුද්ගලයකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතාට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය අම්පාර කඳවුරේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඒ. මනෝහර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) අම්පාර පොලිස් වසමේ වෙළදසැලක් අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී ලද බුද්ධි තොරතුරු වලට අනුව උපාය දූතයකු යොදවා දුරකථන මාර්ගයෙන් වාලම්පුරිය අලෙවි කිරීමට තැත් කල පුද්ගලයා සම්බන්ධ කර ගනිමින් බලපත්‍ර නොමැතිව රුපියල් කෝටියකට වැඩි වටිනාකමකින් යුත් වාලම්පුරියක් සන්තකයේ තබාගෙන සිටි ඌරගස්මන්හංදිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්පාර පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් වාලම්පුරිය සම්බන්ධයෙන් සිදු කල ප්‍රශ්න කිරීමේ දී මෙම වාලම්පුරිය ඔහු සේවය කල පැපුවා නිව් ගිනියාව රටේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන වෙළදසැලකින් සොරාගෙන ගුවන් මගින් ශ්‍රී ලංකාව වෙත පැමිණ ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේද නීතියේ ඇසට වැලි ගසමින් මෙම වාලම්පුරිය රැගෙන ආ බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංචරණය වීමට අනුබලදුන් පුද්ගලයින් පස් දෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ නිලධාරීන්ට මඩකපුව නාවික හමුදා බුද්ධි ඒකකයෙන් ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය වාලච්චේන කඳවුරේ වැඩබලන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.එම්.එම්.යූ.කේ.බී. තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කලවංඩිකුඩි කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් සමග ඒකාබද්ධව (11) කාත්තංකුඩි පොලිස් වසමේ මුත්තුවාරන් වෙරළ තීරයේ දී වැටලීම් හතරක් සිදුකර ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා සංචරණය වීමට සිටි පුද්ගලයින් හට බෝට්ටු මගින් ප්‍රවාහනය පහසුකම් සපයා ඒ සදහා අනුබලදීමේ වරදට මඩකලපුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකු ඒ සදහා යොදාගත් ඩිංගි බෝට්ටු පහක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාත්තංකුඩි පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර එක් පුද්ගලයකු නීති විරෝධීව ඔස්ට්‍රේලියාව දක්වා ප්‍රවාහනය කිරිමට රුපියල් ලක්ෂ දහයේ සිට රුපියල් ලක්ෂ පහලව දක්වා අයකල බව ඔවුන් ප්‍රකාශකරන කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments