වසර තිස්පහක පුරා සිය පාරිභෝගික ජනතාව සමග පැවැති අඛණ්ඩ සුවිශේෂි විශ්වාසය හා සුහදතාවය මත පැමිණි ගමනේ සුවිශේෂි කඩඉමක් පසුකරමින් නිව් මන්ජරි මාළිගය සුබමොහොතින් නුගේගොඩදි විවෘත කෙරිණි.
නුගේගොඩ මංසන්දියේ කොහුවල දෙසට මීටර් කිහිපයක් ගමන් කිරිමේදි නිව්මන්ජරි මාළිඟය හමුවේ. නිමි ඇඳුමේ සිට පවුලේ සැමට එකම වහලක් යටින් අවශ්‍ය සියලු දේ ලබාගැනීමේ පහසුකම් ඇති කර තිබෙන නිව් මන්ජරි පාරිභෝගික ජනතාවගේ හදවත් දිනු ප්‍රමුඛ වෙළෙඳ ආයතනයක් වූ බැවින් ගාල්ලෙන් ආරම්භ වු ගමන බොරැල්ල,මහරගම හා නුගේගොඩ දක්වා පැමිණි තිබේ. මෙම ව්‍යාපාරය තවත් පියවරක් ඉදිරියට තබමින් නිව් මන්ජරි යන නවනාමයෙන් මෙම ශාඛාව නුගේගොඩ ආරම්භ කෙරේ. මෙම ආයතනය තවත් ප්‍රචලිත කරමින් ප්‍රබල වෙළෙඳ ජාලයක් කිරීම එහි හිමිකාරිත්වයේ අරමුණයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු මන්ජරි මහත්මිය කියා සිටියේ සිය දෙමව්පියන්ගේ කැපවීම සහ සහයෝගය තමාට මේ ගමන පැමිණීමට හැකිවු බවයි. නිව්මන්ජරි වෙත පැමිණෙන සියලු පාරිභෝගික ජනතාවට උපරිම විශ්වාසයකින් සහන මිලට නිමි ඇඳුමේ සිට තම නිවහනට අවශ්‍ය සියලු දෑ එකම වහලක් යටින් ලබාගැනීමේ පහසුකම ඇති කර තිබෙන බවය.අපේ වෙළෙඳසැල් තුල ආනයනික භාණ්ඩත් අලෙවි කරන අතර ප්‍රමුඛත්වය ලබාදී තිබෙන්නේ දේශීය දේවලටයි.
අපි බලධාරීන්ගෙන් ඉල්ලන්නේ හොඳින් අවධානය යොමුකර අවශ්‍ය අයගේ අදහස්ද ලබාගෙන රටට අවශ්‍යදේ පමණක් ආනයනය කළ යුතුයි. අනවශ්‍ය දේ ආනයනය නවතා දැමිය යුතුයි කියලයි.








