29.2 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඅන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දිවයිනට පැමිණීීම

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දිවයිනට පැමිණීීම

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා (11) දිවයිනට පැමිණියේය. ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී සිදුකරන ලද අරාධනාවකට අනුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයාගේ මෙරට සංචාරය සංවිධානය කොට තිබිණි. ඒ අනුව ඊයේ දිවයිනට පැමිණි මාර්ටින් චොන්ගොන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක යන මහත්වරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී පිළිගත්හ.

මෙම නිල සංචාරය තුළදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බවද පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සඳහන් කළේය. එමෙන්ම මාර්ටින් චොන්ගොන් මහතා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා සභානායක සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමටද නියමිත බව මහලේකම්වරයා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments