යාපනය ප්‍රදේශයේ තහනම් සංවිධාන සාමාජිකයන්ට කුලීපදනම මත යකඩ කඩු බෙදාහරින පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කලාප අණදෙන නිලධාරී යපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩබ්.ජී.එස්.බී. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (13) වඩුක්කෝට්ටේ පොලිස් වසමේ මුරුකන් කෝවිලඩි, තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී සංවිධාන සදහ කුලීපදනම මත බෙදාහැරීම සදහ තියුණු මුවහත් සහිත යකඩ කඩු 11 ක් සන්තකයේ තබාගෙන සිටි තුණවි, වඩුක්කෝට්ටේ, යාපනය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වඩුක්කෝට්ටේ පොලිස් ස්ථානය වෙත භාරදී ඇත.
කොළඹ හා අවට නගර කේන්ද්‍ර කරගනිමින් හෙරොයින් බෙදාහරින කාන්තාවක් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කිර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) කැළණිය පොලිස් වසමේ පට්ටිපල, පන්සල පාර, ගෝනවල ප්‍රදේශයේ දී වැටලීමක් හෙරොයින් ග්‍රෑම් 10 ක්, ජංගම දුරකථනයක් සහ හෙරොයින් ජවාරමින් උපයන ලද මුදල් රුපියල් 45,000 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 39 ක ගෝනවල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැළණිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ඉහත අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ව සිදුකරන ලද ප්‍රශ්න කිරිමි වලදි මෙම කාන්තාව කොළඹ හා ඒ අවට නගර කේන්ද්‍ර කරගනිමින් දිර්ඝකාලයක් මුළුල්ලේ මෙිම මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙනගෙස් ඇති බවට කරුණු අනාවරණය කරගෙනඇත.
මේ අතර විශේෂ කාර්ය බලකාය සිය දෛනික වැටලීම්වලදී ගෝනහේන කඳවුරේ නිලධාරී පිරිසක් නීති විරෝධි මත්පැන් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. පූගොඩ කඳවුරේ නිලධාරි පිරිසක් නීතිවිරෝධි මත්පැන් ගෝඩා සහ පෙරීමේ උපකරණ ළඟතබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන ඇත. ගම්පොල කඳවුරේ නිලධාරි පිරිසක් හෙරොයින් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. නාවික හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව යාපනය කඳවුරේ නිලධාරි පිරිසක් මසුන් ඇල්ලීමට යොදාගන්නා තහනම් තංගුස් දැල් ළඟ තබාගෙන සිටි අයකු අත්අඩංගුවට ගෙනතිබේ. සමන්තුරේ කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව ස්ථානයකින් නීති විරෝධි ලෙස වැලි කැණීම් කර පටවමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. කැබිතිගොල්ලෑව කඳවුරේ නිලධාරි කණ්ඩායමක් අනවසරයෙන් මොටගෝනෑව රක්ෂිතයට ඇතුළු වී අක්කර දෙකක පමණ ප්‍රදේශයක් එළිපෙහෙලි කරමින් සිටි අයකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉලුප්පුකඩවායි කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍රයක්නැතිව ස්ථානයකින් නීතිවිරෝධි ලෙස වැලි කැණීම් කර පටවමින් සිටිද්දි පුද්ගලයින් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇත. දඹුල්ල කඳවුරේ නිලධාරි පිරිසක් බලපත්‍ර නැතිව විවිධ ප්‍රමාණයේ ඉරනු ලැබු තේක්ක හා දමුන ලෑලි සහ උළුවහු කඳන් සමග අයක් අත්අඩංගුවට ගෙන තිබේ.


