26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණ පතාලයන්, හෙරොයින් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමාණ පතාලයන්, හෙරොයින් ජාවාරමුන් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

විදෙස් ගතව සිට්න සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන සෙල්ලප්පෙරුමගේ සලිදු මල්ෂික ගුණරත්න නොහොත් සලිදු මල්ලිගේ ප්‍රධානතම ගෝලයෙකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය ව්ශේෂ මෙහෙයුම් අංශ iii හි නිලධාරීන්ට ලබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක ඒ.එච්.ඕ.එස්. සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) පානදුර දකුණ පොලිස් වසමේ අංක 52/9, හොරණ පාර, වෑකඩ, පානදුර ලිපිනය පිහිටි නිවසේ දී වැටලීමක් සිදු කර ලක්ෂ තුනකට අධික වටිනාකමක් ඇති හෙරොයින් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 30, මි.ග්‍රෑ. 380 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 35,500 ක මුදලක්ද, සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 43 ක, හොරණ පාර, වෑකඩ, පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පානදුර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
තවද වැඩිදුර විමර්ශන කටයුතු කිරීමේ දී මෙම සැකකරු මේ වන විට විදෙස් ගතව සිට්න බවට සැක කෙරෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන සෙල්ලප්පෙරුමගේ සලිදු මල්ෂික ගුණරත්න නොහොත් සලිදු මල්ලි යන අයගේ මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ ක්‍රියා සදහා සහාය දක්වන ඔහුගේ සමීපතමයකු බවට කරුණු අණාවරණය වී ඇත.

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන පූකුට්කන්නා,බුම්මා හා යෙගු යන තිදෙනාගේ ප්‍රධානතම ගෝලයෙකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය ii හි නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ (බුද්ධි/විශේෂ මෙහෙයුම් හා මත්ද්‍රව්‍ය නාශක) සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක ටී.එන්. ධර්ම වර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) වත්තල පොලිස් වසමේ අංක 222/A, ඇලකඩ පාර, පල්ලිය වත්ත, හැදල, වත්තල යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට දී වැටලීමක් සිදු කර විදේශ ගතව සිටින බාලචන්ද්‍රන් පුෂ්පරාජ් නොහොත් ‘’පූකුටිකන්නා’’ හා ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු නොහොත් ‘’බුම්මා’’ හා ‘’යොගු’’ යන සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල ක්‍රියාකාරකම් වල නියැලෙන ප්‍රධානතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා වත්තල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත
මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍ර‍ව්‍ය ග්‍රෑම් 10, මි.ග්‍රෑ. 930 ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා ලද රුපියල් 30,000 ක මුදලක්ද, සන්තකයේ තබාගෙන සිටිය අතර මොහු වයස අවුරුදු 28 ක, ජින්තු පිටිය වීදිය, කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments