දේශපාඥයින්‌ගේ අතපෙවීම් නිසා රටක් බබළවන්න තිබු රාජ්‍ය ආයතන අද පාඩු ලබන තත්ත්වයට පත්කොට එහි පාපය ගෙවීම සේවකයාගේත් රටේ ජනතාවගේත් කරපිට පටවා තිබෙනවා. ඒ් නිසා සිංගප්පූරුවේ ‘තමසෙක්’ වැනි ස්වාධීන ආයතනයක් පිහිටුවා මේ ආයතන නිර්දේශපාලනය කරන ලෙස ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ප්‍රකාශ කරයි.
මේ සම්බන්ධයෙන් එම සේවක සංගම් කාර්යාලයේ පැවැති ‘ප්‍රතිව්‍යුහගතකරණයේ නොදුටු පැත්ත’ නමින් ඉකුත් (16) කැඳවා තබු මාධ්‍ය හමුවකදි අදහස් දැක්වු එහි ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවේන්ද්‍ර මහතා අදහස් දක්වමින් මෙසේද කීය මේවනවිට රජය ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ඛනිජ තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඬලය, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම, ශ්‍රි ලන්කන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලංකා මිනරල් සෑන්ඩ් සමාගම, සෙවනගල සීනි සමාගම, පෑළවත්ත සීනි සමාගම හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම යන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නම්කොට තිබෙනවා මේ අතර ලාභ ලබන ආයතනත් තිබෙනවා. මේ ශාඛවල පිහිටුවා තිබෙන අපේ සංගමයේ ශාඛාවල සියලු නිලධාරින් ප්‍රකාශ කර සිටින්නේ දේශපාලන ඇඟිලිගැසිම් තමයි මේ ආයතන පාඩුලැබීමට හේතුව කියලයි. ඒ් නිසා අපේ සංගමය සමස්තයක් ලෙස මේ පෞද්ගලිකකරණයේ දකින එක කරුණක් තමයි මේ ආයතන නිර්දේශපාලනය කළොත් හොඳට කරගෙන යන්න පුළුවන් කියන එකයි. සිංගප්පූරුව හොඳම උදාහරණයක් ලබාදෙනවා එහි තිබෙනවා ‘තමසෙක්’ කියලා ආයතනයක් ඒ් ආයතනයෙන් තමයි සියලු රාජ්‍ය ව්‍යාපාර මෙහෙයවන්නේ. සභාපතිවරු. අධ්‍යක්ෂවරු පත්කරන්නේ. දේශපාලකයින්ට කිසිදු ඇඟිල්ලක් ගහන්න බැහැ. ඒ් නිසා එම රටේ පෞද්ගලික අංශයේ ඵලදායිතාවයට වඩා රාජ්‍ය අංශයේ ඵලදායිතාවය වැඩියි. අපිට හිතන්නවත් බැහැ. මේ ආයතන රැකගන්න නම් දේශපාලඥයෝ මේවායින් ඉවත් කර දමන්න ඔ්නේ. විද්වතුන්ට ඒ් ඒ් විෂය පිළිබඳ දැනුම තිබෙන අයට පත්කොට ස්වාධීන කොමිසමක් යටතට මේ සියලු රාජ්‍ය ආයතන ඇතුළත් කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. ඒසේ සිදුවුණොත් මේ රාජ්‍ය ආයතන රැකගෙන මීට වඩා හොඳ සේවයක් රටේ ජනතාවට සිදුකරන්න හැකියි.
ලාභ ලබන ආයතන ගන්න එන ආයෝජකයින් වගේම වෙනත් හේතුමත පාඩු ලබන ආයතන ගන්න එන ආයෝජකයෝ සිටිනවා. ශ්‍රී ලන්කන් වැනි ආයතනයක් ගත්තාම රාජ්‍ය ආයතනක් ලෙස රූඩ්ස් ලැබිලා තිබෙනවා. ඇතැම් විට ඒ්වා එමරේට්ස් වලටත් නැහැ. ඒ්වා අරගේන ඒ් අයගේ පෞද්ගලික දේවලට භාවිතා කරනවා. තෙල් ටැංකි ඉන්දියාව ගත්තා ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. නමුත් එතැන වෙන හේතුවක් තිබෙනවා.
අයි.එම්.එෆ්. ඉදිරිපත් කළ පමණින්ම ඒ් යෝජනා සියල්ලම අපි පිළිගත යුතු නැහැ අපිටත් යම් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. හැබැයි 58%ක් අපිට තිබෙන්න ඔ්නේ. අධ්‍යක්ෂ වැඩිපිරිසක් අපේ අය සිටින්න ඔ්නේ. දෙන්නේ නිශ්චිත කාලයකයටයි. අපේ සංගමය සෑම විටම හාම්පුතුන් සමග අනවශ්‍ය ගැටුම්වලට යන්නේ නැහැ. හාම්පුතුන්ගේ වැරැද්දක් ඇත්නම් එය පෙන්වා දෙන්න අපි කිසිවිටෙකත් අපි පැකිළෙන්නේ නැහැ. අපේ කිසිම දේශපාලනයකට ගොදුරුවි හෝ හිතවත්වි නැහැ. අපි පෙනිසිටින්නේ ආයතනයේ හා සේවකයාගේ ප්‍රගතිය වෙනුවෙන්ය.
ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය ලෙස අපේ උරමත විශාල වගකීමක් පැටවිලා තිබෙනවා. ඒ් තමයි පෞද්ගලිකකරණයට, ප්‍රතිව්‍යුහගතකරණයට එසේ නැත්නම් ප්‍රතිව්‍යුහගතකරණය නමින් කරන විකිණීමට යෝජිත ආයතන අති බහුතරයක තිබෙන්නේ අපේ සංගමයේ විශාල නියෝජනයක්.ඒ් ආයතන අතර මරමස්ථාන රැසක් තිබෙනවා. අපි සේවකයින් ලෙසටත් එහාට ගිහිල්ලා රටේ පුරවැසියෝ ලෙස වගකිමක් තිබෙන අය ලෙසයි කතා කරන්නේ. අපි පෞද්ගලිකකරණයට, ප්‍රතිව්‍යුහගතකරණයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි කියන ස්ථාවරයේ නොවේ සිටින්නේ. රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස මේ ආයතන රටේ සම්පත් ලෙස සුරකමින්, සේවක රැකියා ආරක්ෂාකොට කාර්යක්ෂමතාව වැඩිකරගෙන මේ . අ කාර්ය ආයෝජකයින් සමග සිදුකරන්නේ කෙසේද . අතීතයේ බැලුවාම අපේ දේශපාලන අධිකාරිය වගකීමකින් නොවේ තීන්දු තීරණ අරගෙන තිබෙන්නේ. ඒ් නිසා තමයි මේ රට තිබෙන කාලකණ්ණි තත්ත්වයට පත්වෙලා තිබෙන්නේ. ශ්‍රීලන්කන් ගුවන් සමාගම කියන්නේ රටේ ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ආයතනයක්. අද රටට පෙන්වන්නේ මේ ආයතනය විශාල පාඩුවක් ලබනවා එය රටට බරක් කියලා. මේ වනවි එහි සෟජු අලාභයක් තමයි තිබෙන්නේ. මේ සමාගම රටට වසරකට ගෙනෙන සංචාරකයින් නිසා රටට රුපියල් බිලියන තුන්සීයක තුන්සීයපනහක ආදායමක් ලැබෙනවා. මේ සමාගම වසා දැම්මොත් අපිට සංචාරක ව්‍යාපාරය ගැන කිසිම විශ්වාසයක් තබන්න බැහැ. විදේශීය ගුවන් සමාගම් අපේ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් කරයි කියලා හිතන්න බැහැ. මේ ආයතනයේ වැදගත් කම නිසා තමයි ප්‍රභාකරන් හයපහරක් ගැහුවා හතරපහරක්ම සාර්ථක දැඩි ප්‍රහාර එල්ල කළේ.
ශ්‍රී ලන්කන් කේටරින්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ගුවන්තොටුපොළ හා ගුවන්සේවාසමාගම, ප්‍රතිව්‍යුහගත කොට නැවත ඒසේ කරන ලාභ ලබන ශ්‍රී ලංකා ටෙලිකොම් ගැනද මෙහිදි එම ශාඛාවල නියෝජිතයින් අදහස් දැක්වුහ.
මෙහිදි ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ඒ් ආයතනවල වෘත්තීය සමිති නායකයින් මෙසේ අදහස් දැක්වූහ. ලංකා විදුලිබල මණ්ඩලයේ ඩබ්ලිව්.ඒ්. ප්‍රභාත්, ශ්‍රී ලන්කන් කේටරින් ප්‍රසන්න ජයසිංහ, ඛනිජ තෙල් සංස්ථාව චේතිය ඒ්කනායක, ශ්‍රී ලංකා ටෙලිකොම් මනෝජ් මනම්පේරි , ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම ඩබ්ලිව්.එම්. මුහන්දිරම් යන මහත්වරුද අදහස් දැක්වූහ.