29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගෙන් තිලංගට විශේෂ ඇරයුමක්.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගෙන් තිලංගට විශේෂ ඇරයුමක්.

ශ්‍රී ලංකා රජයේ විශේෂ ආරාධනයකට අනුව මෙරටට පැමිණ සිටින අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ( IPU ) මහ ලේකම් මාර්ටින් චොන්ගොන් මහතා සහ පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායක, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තිලංග සුමතිපාල මහතා අතර විශේෂ හමුවක් ඉකුත්දින (13) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී කළ විශේෂ ආරාධනාවකට අනුව මාර්ටින් චොන්ගොන් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,කතානායක මහින්ද යාපා අබේවර්ධන, සභානායක සුසිල් ‌ප්‍රේමජයන්ත, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද මෙම සංචාරයේදී මුණ ගැසුණේය.

ලොව පුරා ඇති සෑම පාර්ලිමේන්තුවක්ම නියෝජනය කරන සාමාජිකයන්ගේ ප්‍රධානියා ලෙස අන්තර් පාර්ලිමේන්තු සංගමයේ (IPU) මහ ලේකම්වරයා පිළිගන්නා අතර, අන්තර් පාර්ලිමේන්තු සංගමය පළමු වතාවට ක්‍රියාත්මක කරනු ලැබු SDG ( තිරසාර සංවර්ධන ඉලක්ක 2030) වැඩසටහනේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභාපතිවරයා ලෙස එවකට කටයුතු කරණු ලැබුවේ තිලංග සුමතිපාල මහතාය.

එම වැඩසටහන ලොව පුරා ගෙන යමින් සාර්ථක කර ගැනීම සඳහා තිලංග සුමතිපාල මහතා එවකට දැක්වූ සුවිශේෂී දායකත්වය හේතුවෙන් තිරසාර සංවර්ධන ඉලක්ක 2030 ( SDG) පිළිබඳ ලොව පුරා පැවති සමුළු රැසකටද විශේෂ ආරාධිතයකු සහ කථිකයකු ලෙස ඒ මහතාව අන්තර් පාර්ලිමේන්තු සංගමය (IPU) විසින් සම්බන්ධ කරගෙන තිබුණි.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්ක 2030 ( SDG) වැඩසටහන පිළිබඳ තිලංග සුමතිපාල මහතා සකස් කරනු ලැබු වාර්තාව මහ ලේකම්වරයා වෙත පිළිගන්වනු ලැබීය.

ඉදිරියටත් තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා තිලංග සුමතිපාල මහතා සතු දැනුම අන්තර් පාර්ලිමේන්තු සංගමය වෙත ලබා දෙන ලෙසත්, විශේෂ දේශකයෙකු ලෙස ඉදිරි වැඩසටහන්වලට එක්වන ලෙසටත්, මහ ලේකම්වරයාගෙන් එහිදී තිලංග සුමතිපාල මහතාට ඇරයුමක්ද ලැබුණේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments