නීති විරෝධී බෝර 12 උණ්ඩ යෙදිය හැකි ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් සමග පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය රත්ගම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ආර්.එම්.ටි.ඩි.කේ. රත්නායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) රත්ගම පොලිස් වසමේ තොටවිල, පිටකන්ද, දොඩන්දූව යන ලිපිනයේ පිහිටි නිවසේදී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස බෝර 12 උණ්ඩ යෙදිය හැකි ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි වයස අවු. 52ක් වන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රොහා නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ කණ්ඩායමේ ගෝලයකු හෙරොයින් සමග විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය හොරණ කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරීක්ෂක ආර්.ඩි.බී.සී. අබේතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) හොරණ පොලිස් වසමේ බැල්ලපිටිය සීලරත්න අසපුව අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරෝයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා හොරණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේදී මියගිය රොහා නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ කණ්ඩායම විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ සාමාජිකයෙක් වන හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවු. 35ක් වන මෙම පුද්ගලයා හොරණ බක්කුල මහ සෑය අශ්‍රිත බැල්ලපිටිය ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය බෙදා හරින පුද්ගලයෙක් ද වේ. අනෙකුත් පුද්ගලයින් වන හොරණ ප්‍රදේහයේ පදිංචි වයස අවු. 35ක් සහ 27 වන පුද්ගලයින් ඔහුගෙන් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට පැමිනි පුද්ගලයින් වේ.
මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ රුපියල් 70,000.00 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6, මි.ග්‍රෑ. 800 ක් සන්තකයේ තිබි ඇත
වියළි ගංජා කිලෝ ග්‍රෑම් 141 ග්‍රෑම් 700 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී හම්බන්තොට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විදුර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ සහ ප්‍රදේශීය අනදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරි අරුණ සමිපත් මහතාගෙ මොහයවීමෙන් කඳවුරු අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක පො.ප. ඒ. පියතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (20) පනාමුර පොලිස් වසමේ දඹරයාය, පොල්වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදු කර වියළි ගංජා කිලෝ ග්‍රෑම් 141 ග්‍රෑම් 700 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි වයස අවුරුදු 46 ක සහ වයස අවුරුදු 32 ක, දලුප්ඉන්න සහ පානාමුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා පනාමුර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
