25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeක්‍රීඩා පුවත්අශේන් සහ රුක්ෂිකා ටෙනිස් ශූරතා ජයගනී

අශේන් සහ රුක්ෂිකා ටෙනිස් ශූරතා ජයගනී

107 වන ජාතික ටෙනිස් ශූරතාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා මෙවර දිනා ගැනීමට අශේන් සිල්වා සහ රුක්ෂිකා විජේසූරිය සමත් වී තිබේ.

මෙහිදී ඔවුන් ඉදිරියේ පරාජයට පත් වූයේ හිටපු ටෙනිස් ශූරයින් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා ටෙනිස් සම්මේලනය විසින් සංවිධානය කළ 107 වන ජාතික ශූරතාවලිය පසුගියදා අවසන් විය.

තරගාවලිය මාසයකට වැඩි කාලයක් කොළඹ ටෙනිස් සංගම් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර එහිදී වයස් කාණ්ඩ කිහිපයක් යටතේ තරග පැවැත්වුණි.

ඒ අනුව, මෙවර තරගාවලියේ විවෘත පිරිමි අවසන් තරගය හිටපු ජාතික ශූර ශාමල් දිසානායක සහ අශේන් සිල්වා අතර පැවැති අතර එම තරගය තරග වට 2ට 0ක් ලෙස ජය ගනිමින් මෙවර ජාතික ශූරතාවය දිනා ගැනීමට අශේන් සිල්වා සමත් විය.

අන්ජලිකා කුරේරා සහ රුක්ෂිකා විජේසූරිය කාන්තා අවසන් තරගයේදී එකිනෙකා මුණගැහුණු අතර එම තරගය තරග වට 3ට 0ක් ලෙස ජය ගැනීමට රුක්ෂිකා විජේසූරිය සමත් වූයේ මෙවර ජාතික ශූරතාවයද තමන් සතු කරගනිමිනි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments