සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොලොන්නාව ලක්මාල් නොහොත් පරිප්පුවා සමඟ තවත් සැකකරුවන් 06 දෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂක බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.ජී. රොහාන් කරුණාරත්න මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී බුද්ධි සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. නදික සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.09.21 වන දින දෙමටගොඩ පොලිස් වසමේ අංක 127/64 (UD 25), ශ්‍රී ධර්මාරාම පාර, කොළඹ 09 ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර ඉකුත් (08) දින පැය 1130 ට පමණ අංක 01D/F05/U04, ලක්හිරු සෙවන මහල් නිවාස, කොළඹ 10 ලිපිනයේ පදිංචි මාරිමුත්තු ආනන්ද කුමාර් නොහොත් කුමාර් යන අය තවත් පිරිසක් සමඟ එක්ව දෙඅත් වෙන් වන පරිදි තියුණු ආයුධ වලින් කපා බරපතල තුවාල සිදු කිරීමට අදාලව දෙමටගොඩ පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 62/2022 යටතේ අවශ්‍ය කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මානවඩුගේ ලක්මාල් වරුණ මධුරංග නොහොත් කොලොන්නාව ලක්මාල් (පරිප්පුවා) යන අය දෙමටගොඩ කාලිපුල්ල වත්ත ප්‍රදේශයේ දී තවත් සැකකරුවන් 06 දෙනෙකු සමඟ පැනයාමට උත්සාහ දරණ අවස්තාවේ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුවන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ. මොවුන් සන්තකයේ තිබී කඩු 03 ක් හා මන්නා පිහියක් සොයාගන්නා ලදී.
තවද, මොහු
මීට පෙර 2019.01.20 වන දින කොටහේන මැලිබන් හංදිය ප්‍රදේශයේ දි ත්‍රී රෝද රථයකින් ගමන් කල පුද්ගලයකු හට පුද්ගලයින් දෙදෙනෙකු සමඟ යතුරු පැදියකින් පැමිණ වෙඩි තබා ඝාතනය කර පලායන ලද බවට වාර්තා වු මනුෂ්‍ය ඝාතනය ආදාල සිදූවීම,2019.05.17 වන දින කසුන් චාමර නැමැති වයස අවුරුදු 21 පමණ වන පුද්ගලයකු හට පිට ප්‍රදේශයට පිහි පහරවල් 04 ක් එල්ල කර ඇති බවටත් එම අවස්ථාවේදී විෂයගත පුද්ගලයාගේ ළඟ තිබු පිස්තෝල අවියකින් හිසට පහර දි තුවාල සිදු කිරිම, දෙමටගොඩ පොලිස් ස්ථානයේ බල අපරාධ අංක 62/2022 යටතේ 2022.09.08 දින පැය 1130 ට පමණ අංක 01D/F05/U04, ලක්සිරි සෙවන මහල් නිවාස, කොළඹ 10 ලිපිනයේ පදිංචි මාරිමුත්තු ආනන්ද කුමාර් යන අයව තවත් පිරිසක් සමඟ එම ස්ථානයේ දී කපා කොටා බරපතල තුවාල සිදු කිරීම යන සිදූවීම් වලට සෘජුවම සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. තවත් පුද්ගලයින් බිය ගන්වා යතුරුපැදි පැහැරගෙන යාම, රන් භාණ්ඩ සොරා ගැනීම, මෙම සේදවත්ත, කම්බිකොටුව ප්‍රදේශයට පැමිණෙන නාදුනන ඕනෑම පුද්ගලයෙකු හට පහරදීම හා බරපතල තුවාල සිදු කිරීම මෙන්ම මනුෂ්‍ය ඝාතනය කිරීම් සිදු කර ඇති බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
නීති විරෝධී ලෙස ඩීසල් රැස් කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට.
විශේෂ කාර්ය බලකාය ලාහුගල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කලාප අණදෙන නිලධාරී අම්පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය ලාහුගල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක කේ.ජී. ලක්මාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) පොතුවිල් පොලිස් වසමේ විකාබ ලාහුගල කඳවුර ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී ලෙස ඩීසල් ලීටර් 1,140 ක් රැස් කර ටිපර් රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටි වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20 ක හා 22 ක පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොතුවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට ගත් ඩීසල් වල වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික වේ.
