ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අගෝස්තු මාසය සඳහා මෙරට උද්ධමනය 70.2%ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
පසුගිය ජුලි මස උද්ධමනය සටහන් වූයේ 66.7%ක් ලෙසිනි.
එසේම මෙරට ආහාර උද්ධමනය ද අගෝස්තු මාසයේදී 84.6%ක් දක්වා ඉහළගොස් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.
ජුලි මාසයේ මෙරට ආහාර උද්ධමනය සටහන් වූයේ 82.5%ක් ලෙසය.