අසරණවි සිටින ගායකගායිකාවන්,ගීපද රචකයින් හා සංගීතඥයින්ට ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති කලා ශිල්පි කීර්ති පැස්කුවල් මහතාගේ ඉල්ලීමකට අනුව සරණවීමට ධානපතීන් පිරිසක් එක්ව සිටීති.
ඒ් අනුව විශාකාව ඔබ මා දුටු බුදු සිරිතේ”, “උණ පඳුරක මල් පිපිලා”, “සෙනෙහේ පියුම් විලේ” යනාදී ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ප්‍රවීන ගායන ශිල්පී විජේසිරිවර්ධන පොලොන්ඕවිට මහතා පසුගිය අප්‍රියෙල් මස 09 වන දින හදිසි රිය අනතුරකට ලක්ව, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටු අංශයට ඇතුලත් කර ඇති අතර, මාස කිහිපයකට පසුව යම්තාක් දුරට සුවය ලැබුවද, ඔහුට භාරකරුවෙකු හෝ නිවසක් නොමැති වීමෙන්, රෝහලේම තවදුරටත් රැඳී සිටීමට සිදුවිය. ඔහු ගායන ශිල්පියෙකු පමණක් නොව ගීත රචකයෙකු ද වන බැවින්, අදාළ සංගමයන් තුල ඔහු සාමාජිකත්වය ලබාගෙන ඇත. ශ්‍රී ලාංකේය ගායක-ගායිකා සංගමයෙන් පිළිසරණක් නොවූ තැන, ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය ඔහු වෙනුවෙන් පෙනී සිටිමින්, භාරකරුවෙකු සෙවීමට හා රෝහල් බිල්පත පියවීමේ මෙහෙයුමක නිරතව සිටිනා බව දැනගගත්, ගායක-ගායිකා සංගමයේ හිටපු සභාපති කීර්ති පැස්කුවල් මහතා මැදිහත්ව, අවුරා ලංකා සමූහ ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය විරන්ජිත් තාඹුගල මහතා දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඉකුත් සැප්තැම්බර් (22) ඒ් මහතාගේ ධන පරිත්‍යාගයෙන්, පොලොන්ඕවිට මහතාගේ ලක්‍ෂ පහකට ආසන්නව තිබූ හිඟ රෝහල් බිල්පත ගෙවා දමමින්, ඔහුව රෝහලින් නිදහස් කිරීමට කටයුතු කරන ලදී. එදිනම ඒ මහතාව භාරගෙන දිවිතුරා රැකබලා ගැනීමට නිමල් කරුණාතිලක සහ නලිනි කාංචනා මුණසිංහ මහත්ම මහත්මීන් යුවල ඉදිරිපත් වීම පොලොන්ඕවිට මහතාට මහත් අස්වැසිල්ලක්ම වූහ.
වෛද්‍ය විරන්ජිත් තාඹුගල මහතා පසුගියදා ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසකට මාසික දීමනාවක් ලබාදීමට ද කටයුතු කර තිබේ. ඒ අනුව ගායක ගායිකාවන් 23 දෙනෙකු වෙතත්, ගීත රචකයින් 10 දෙනෙකු හා සංගීතවේදීන් 10 දෙනෙකු මේ සඳහා සුදුසුකම් ලබා තිබිණ. දීමනාව ලබාදීමට සුදුස්සන් තේරීමේදී, ගේය පද රචක සංගමයේ සම සභාපති නිලාර් එන්. කාසිම් සහ එහි ලේකම් ජෝර්ජ් රොබින්සන් ද සිල්වා යන මහත්වරුන්ගේ නිර්දේශයන් මත අනුමැතිය ලබාදී තිබූ අතර, එලෙසම ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ගේ සහ සංගීත අධ්‍යක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති සරත් ද අල්විස් සහ එහි ලේකම් සමන්ත පෙරේරා මහත්වරුන්ගේ නිර්දේශයන් මත සුදුස්සන් තෝරා ගැනීමට කටයුතු කර තිබිණි.
මෙයට පෙරාතුව ආර්ථික අවශ්‍යතා සහිත ගායක ගායිකාවන්ට පමණක් මාස්පතා ලබාදුන් මෙම දීමනාව, ගේය පද රචකයනට සහ සංගීතවේදීන් වෙත ලබාදීමට කටයුතු කරන ලද්දේ, මෙම සංගමයන්හි නිර්මාතෘ සහ ගායක ගායිකා සංගමයේ හිටපු සභාපති කීර්ති පැස්කුවල් මහතාගේ යෝජනාවක ප්‍රතිඵලයක් වශයෙනි. ශ්‍රී ලාංකේය ගේය පද රචක සංගමය මෙලෙස අසරණවන තම සාමාජිකයින්ගේ සුභසිද්ධිය සඳහා පසුගිය කොරෝනා සමයේද යම් යම් සහන සපයාදුන් අතර ඉදිරියේදී ද ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරන බව එහි සම සභාපතිවරයා පවසා සිටී.

