26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්

ජනපති සහ ජපාන විදේශ ඇමති අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාසා හයාෂි අතර සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.

අදාළ සාකච්ඡාව ජපානයේ ටෝකියෝ හිදී ආරම්භ වී ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

‍ජපානයේ නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේ ටෝකියෝ නුවරට ළඟාවිය.

එහිදී ජනාධිපතිවරයා අද (27) දිනයේ ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන මෙම රාජ්‍ය අවමංගල්‍ය උත්සවය පිළිබඳ ලොව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.
 
වැඩිදුරටත් තොරතුරු වාර්තාවන්නේ අද දිනයේ පැවැත්වෙන ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය සදහා ලොව පුරා වෙසෙන රාජ්‍ය නායකයින් ජපානය වෙත පැමිණ ඇති බවය.

මෙම උත්සවය සදහා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහභාගී නොවුණ ද එරට උප ජනාධිපති කමලා හැරිස් සහභාගී වන බව සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා මෙන්ම දෙවන එළිසබෙත් රුජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී නොවූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද මෙම උත්සවය සදහා සහභාගී වීමට ටෝකියෝ නුවර වෙත ලගා වී ඇති බවය.

පසුගිය ජූලි මාසයේ මැතිවරණ රැස්වීමකදී සිදුවූ වෙඩි තැබීමකින් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ ඝාතනයට ලක්වුණි. 

ෂින්සෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා ඇතුළු තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ජපාන සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා හෙට දිනයේ පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments