28.8 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විදේස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්.

විදේස්ගත ශ්‍රමිකයින්ට විශ්‍රාම වැටුපක්.

විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කළේ විදේශ ගත ශ්‍රමිකයින්ට අපගේ ප්‍රතිඋපකාරය පළ කිරීමටයි – අමාත්‍ය මනුෂ නානායක්කාර ‘මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය‘ අරඹමින් ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (26) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශ ශ්‍රවණාගාරයේ දීය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමැතිවරයා මෙසේ ද කීය………

මනුෂ්‍යත්වයේ නාමයෙන්, දශක ගණනාවක විගමනික ශ්‍රමිකයන්ගේ අපේක්ෂාව යථාර්ථයක් කරමින්, ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කිරීමට හැකි වුණා.
ඉදිරියේ දී මෙරට සෑම කම්කරුවකු ම සුරක්ෂිත කරන සාමාජ ආරක්ෂණ ජාලයක් නිර්මාණය කිරීම අරමුණයි.

ඒ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ සංකල්පයකට අනුව විදේශ රැකියාවේ නිරතවූවන්ගේ විශ්‍රාමික දිවිය සවිමත් කිරීම සඳහා හඳුන්වා දෙන “මනුසවි” සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය, විදේශ ගත ශ්‍රමිකයින් සදහා වන විශ්‍රාම වැටුප් ක්‍රමය අනුව විදේශ ගත ශ්‍රමිකයා ලබාදෙන දායකත්ව මුදල සහ කාලය අනුව ලබාගන්නා විශ්‍රාම වැටුප තීරණය වේ. ඒ අනුව වයස අවුරුදු හැට සම්පූර්ණ වූ පසුව විශ්‍රාම වැටුප ලබාගැනීමට හැකිය.

“මනුසවි” සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ජනගත කළ අමාත්‍යවරයා,

අපට වුවමණා වුණේ රටට සලකන විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් මනුස්සත්වයේ නාමයෙන් ප්‍රතිඋපකාර දැක්වීමට පමණයි. අද මේ අපි වෙනුවෙන්, රට වෙනුවෙන් කැප වුණු ඒ මිනිස්සු වෙනුවෙන්, රටට අවශ්‍ය තෙල් ටික, බෙහෙත් ටික, ගෑස් ටික ගන්න උපකාර කරන, ඒත් මෙච්චර කාලයක් නොසලකා හැරි ඒ පිරිස වෙනුවෙන් උපරිමය කරන්න පමණයි.

අද අපිට පුළුවන් වුණා මනුසත්කමේ නාමයෙන් විගමනික ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසවි‘ සමාජ ආරක්ෂණ දායක විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ආරම්භ කරන්න. සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යංශය මෙහි සුවිශේෂී වැඩ කොටසක් කළා. මනුසවි විශ්‍රාම වැටුප යථාර්ථයක් කර ගැනීමට සහයෝගය දීපු ඒ සියලු දෙනාට ම මනුෂ්‍යත්වයේ නාමයෙන් ස්තුතිවන්ත වෙනවා.

විදෙස්ගත වන අවස්ථාවේ දී ම මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කළ හැකියි. ස්වකීය අභිමතය පරිදි මාසික ව ඩොලර් එකොළහක මුදලක් වසර හතරක් තිස්සේ මෙයට යොමු කළොත් පනස් පහෙන් පසු රුපියල් විසිදහසක ආරම්භක තලයේ මාසික විශ්‍රාම වැටුපක් හිමි වෙනවා.ඒක ආරම්භක තලය. එහෙත් තමන්ට කැමැති සැලසුමක් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්න අවස්ථාව තියෙනවා. තමන්ගේ වැටුප සහ කැමැත්ත අනුව අනාගත විශ්‍රාම දිවිය සැලසුම් කර ගන්න නිදහස තියෙනවා. ඉදිරියේ දී මෙය තවත් වැඩි දියුණු කිරීමට, මෙහි ප්‍රතිලාභ තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරනවා. සමාජ ආරක්ෂණ අමාත්‍යංශය, සමාජ ආරක්ෂණ මණ්ඩලයට එහි ප්‍රමුඛ වගකීමක් හිමි වෙනවා.

අපිට අවශ්‍ය රටේ මිනිස්සු හොද සමාජ ආරක්ෂණ වැඩපිළිවලක් තුළ ස්ථාවර කිරීමට. සමාජයේ සෑම පුද්ගලයෙක් ම ආරක්ෂා කළ හැකි සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කිරීමට. මේ සුරක්ෂිතභාවය නොමැති නිසා ම දැඩි පීඩණයකට ලක් වුණු රටක් තමයි අපි. මිනිහෙක් වැටෙන වෙලාවට සුරක්ෂිතව අල්ලා ගන්න, රැකබලා ගන්න ආරක්ෂිත දැලක් නිර්මාණය කිරීමට කම්කරු අමාත්‍යංශය විදියට වැඩපිළිවලක් සකස් කරගෙන යනවා. ඒ මේ රටේ කම්කරුවා වෙනුවෙන්. රැකියාව අහිමි වීමක දී, වන්දියක් ලබාගත යුතු අවස්ථාවක දී, අර්ධ හෝ පූර්ණ දුබලතාවක දී, සෞඛ්‍ය පහසුකම් මෙන් ම හදිසි අභාවයක දී කොහොමද අපේ කම්කරුවන් රැක ගන්නේ, එය විශ්‍රාම වැටුපක් දක්වා වර්ධනය කරන්නේ කෙසේ ද යනාදී වශයෙන් පුළුල් සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව විදියට අපි සලකා බලමින් ඉන්නවා.

කම්කරු හා විදේශ රැකියා රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර, සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල්, යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූහ.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී. ඒ. විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ , සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක, ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ සභාපති සමන් හදරාගම, සාමාන්‍යාධිකාරී ප්‍රසන්න කළුආරච්චි ඇතුළු නිලධාරීහු රැසක් ද සහභාගී වී සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments