21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්කටාර් සිට පැමිණි මගියකුගේ උදරයේ කොකේන් රේගු නිලධාරීන් සොයාගනී.

කටාර් සිට පැමිණි මගියකුගේ උදරයේ කොකේන් රේගු නිලධාරීන් සොයාගනී.

කටාර් ගුවන් සේවයේ අංක QR 664 ගුවන් යානයෙන් උගන්ඩාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා නගරය හරහා මෙරටට(28) පැමිණි අවුරුදු 43 ක් වයස උගන්ඩා ජාතික පුද්ගලයෙකු තම උදරයේ සඟවා ගෙන නීති විරෝධි ව කොකේන් තොගයක් මෙරටට රැගෙන ඒමට දරන ලද උත්සහයක් ශ්‍රී ලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් වළක්වා තිබේ.

කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ ගේට්ටුවෙ දී නවතා ප්‍රශ්න කිරීමේ දී ඇතිවූ සැකය මත මගීන් පරිලෝකනය කරන්න යන්ත්‍රය මගින් පරීක්ෂා කිරීමේ දී ගිල දමා උදරයේ සඟවා තිබෙන සැක කටයුතු ගුලි ගණනාවක් රේගු නිලධාරීන් නිරීක්ෂණය කර ඇත. වැඩිදුර ප්‍රශ්න කිරීමේ දී සැකකරු තම උදරයේ කොකේන් අඩංගු ගුලි තොගයක් ඇති බව පිළිගෙන ඇත. ඒ අනුව රේගු නිලධාරීන් විසින් ගුලි 17 ක් සැකකරු ගේ ශරීරයෙන් ඉවතට ගනු ලැබූ අතර එහි වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 12ක් පමණ වන බව ගණන් බලා ඇත.

මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව ඉතිරි මත් ද්‍රව්‍ය අඩංගු ගුලි ඉවතට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරු සහ සොයා ගත් මත් ද්‍රව්‍ය තොගය රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ මත් ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments