22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ලෝක බැංකුව ගෑස් මිලදි ගැනීමට අපිට ලබාදුන් ණය මුදල අපි යළි...

ලෝක බැංකුව ගෑස් මිලදි ගැනීමට අපිට ලබාදුන් ණය මුදල අපි යළි ගෙවීම් ආරම්භ කර තිබෙන අතර දෙසැම්බර් වනවිට සම්පූර්ණයෙන්ම ගෙවා නිමකිරීමට බලාපොරොත්තු වෙනවා- ලිට්‍රෝ සභාපති මුදිත පීරීස් මහතා.

ලෝක බැංකුව ගෑස් මිලදි ගැනීමට අපවෙත ලබාදුන් රුපියල් බිලියන විසිහයක පමණ ණය මුදල් (අ.ඩෝ.මිලියන හැත්තෑව) ලබන දෙසැම්බර් මාසය වනවිට ගෙවා නිම කිරීමට සැලසුම් කර ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කරයි.

එහි පළමු මුදලවන රුපියල්බිලියන 6.5ක මුදල ඊයේ (28) මහාභාණ්ඩාගාරය වෙත ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වු සභාපතිවරයා මෙසේද කීය……………….ලෝක බැංකුවෙන් ආධාර මුදල ලෙස අප වෙත ලැබුණු ඩොලර් මිලියන හැත්තෑවක මුදල අපි ලිට්‍රෝ සමාගම ලෙස අපි එහි නියම අයිතිකරුවන් වන අපේ මහාභාණ්ඩාගාරය වෙත ගෙවීම ආරම්භ කළා. අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑවක් කියන්නේ රුපියල් බිලියන විසිහයක පමණ මුදලක්. මේ මුදල අපි ලබාගත්තේ ඉකුත් ජූලිමාසයේදීයි. මෙ මුදලේ මුල් කොටස අරගෙන දැන් මැද කොටසේයි සිටින්නේ. ඉතිරි කොටස ක්‍රියාත්මක වෙමින් පවතිනවා. දැන් එන නැව්වලට ඒ මුදල්වලින් ගෙවීම් සිදුකරමින් සිටිනවා. ගෑස් නැව්වලට එසේ ගෙවීම් සිදුකරන අතරම අපි මුලින් ගත් මුදල්වල ගෙවීම සිදුකිරීමට අපි තීරණය කෙරුවා. ඒ අනුව අදවනවිට ලිට්‍රෝ ගෑස් සමාගම ලෙස රුපියල් බිලියන 6.5ක මුදලක් නැවත ගෙවීම් ආරම් කර තිබෙනවා භාණ්ඩාගාරයට.

ලෝක බැංකුවේ මුදල් ලිට්‍රෝගෑස් සමාගම ලෙස ගෑස් අර්බුදය කළමනාකරණය කිරීමට අපි පාවිච්චි කළා ජූලි මාසයේ සිට. ඒ මුදල් නිවැරැදිව භාවිතා කළ නිසා අපිට පුළුවන් වෙලා තිබෙනවා ඒ මුදල් නැවත ගෙවන්න. ලෝක බැංකුවේ ණය මුදල දීර්ඝ කාලීන ණය මුදලක් ලෙස තමයි ලැබෙන්නේ. එය මගේ මතකයේ හැටියට එය වසර දහයකට අධික කාලයක් වෙන්න ඕනේ. අපි සතුටින් කියන්න කැමැතියි. ලෝක බැංකුව ලබාදුන් මුදල් නිසි ලෙස සකසුරුවම්ව අපි පාවිච්චි කෙරුවා.ඒ මුදල සම්පූර්ණයෙන්ම ලබාගන්නත් ප්‍රථම අපි නැවත මහා භාණ්ඩාගාරය වෙත ගෙවන්න කටයුතු කරනවා. අපි මෙසේ සැප්තැම්බර් මාසයේ රුපියල් බිලියන 6.5ක් ගෙව්වා වාගේම ලබන ඔක්තොම්බර් මාසයේ බිලිය අටක මුදලක් ලිට්‍රෝ සමාගම හරහා භාණ්ඩාගාරයට ගෙවන්න. ලබන දෙසැම්බර් මාසය වනවිට මුළු මුදල වන රුපියල් බිලියන විසිහයම ගෙවන්න තමයි අපේ සැලසුම තිබෙන්නේ. මේ අර්බුදකාරි තත්ත්වය යටතේ මේක භාණ්ඩාගාරයට ශක්තයක් වෙනවා නොවනුමානයි. ලිට්‍රෝ ආයතනය සුළු ලාභයක් ලබන සාධාරණ රාජ්‍ය ආයතනයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ මුදල් නිසි ලෙස නීතියානුකූලව භාවිතා කළ නිසා තමයි මෙසේ වේලාසනින්ම ගෙවීම් ආරම්භ කරන්න හැකිවුණේ.

මම මේ ආයතනයේ කිසිදු ගෙවීමක් වරප්‍රසාදයක් අරගන්නේ නැතිව දේශපාලන අධිකාරියේ ආරාධනාවක් අනුව රටට සිදුකරන සේවයක් ලෙස තමයි මෙය ඉටු කරන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments