28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරි සඳහා භට පිරිස් සපයන රටවල් අතරින් ...

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරි සඳහා භට පිරිස් සපයන රටවල් අතරින් ශ්‍රී ලංකාව 31වන ස්ථානයට පත්වි තිබෙන අතර එම සේවයට යන භට පිරිස් මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන් තුන්සීයක පමණ මුදලක් විදේශීය විනිමය ලෙස උපයා දෙනවා- මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා

ඒ් මහතා මේ බව සඳහන් කළේ (28) දා 73 වැනි යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ආගමික ආශිර්වාද ලබා ගැනීම ශ්‍රී දළදා මාලිගයේ පැමිණි ආගමික උත්වසවයෙන් අනතුරුව මාධ්‍යවෙත අදහස් දක්වමින්ය.

යුද හමුදාපති අභිමානවත් හා ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ යුද හමුදාව සිය 73වන සංවත්සරය එළඹෙන ඔක්තොම්බර් මස (10)ට යෙදි තිබෙනවා. මෙම උත්සවය මෙවර චම් හා අභිමානවත් අන්දමින් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහි ප්‍රධාන අංශයක් වශයෙන් යුදහමුදා ධජයන්ට සෙත් පැතීමේ උත්සවය ((28) දළදා සමිඳු අභියසදි පැවැත්වුණා. ජාතියේ ආරක්ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මේවනවිට ශ්‍රී ලංකික ජනතාවගේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් විශාල කාර්යභාර්යක් ඉටුකරමින් සිටිනවා. ඒ් සඳහා රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ප්‍රජාතන්ත්‍රවාදි රාමුවක් තුල රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප ක්‍රියා කරනවා. ඊට අමතරව රටතුල ආහාර සුරක්ෂිත භාවය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙලට අපගේ දායකත්වය ලබාදෙමින් හඳුනාගත් රජයේ ඉඩම් වගා කිරීමේ කටයුතු සඳහා අපගේ දායකත්වය ලබාදී තිබෙනවා.

විශේෂයෙන්ම යුදහමුදාවේ භටපිරිස් සඳහා අවශ්‍ය ආහාර අපිවීසින්ම වගාකර ලබාගැනීමේ අරමුණුද අපි ඉටුකර ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මීට අමතරව ගෝලීය සාමය සඳහා අපගේ දායකත්වය ලබාදෙමින් එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා යොදවා ඇති අපෙග් භටපිරිස් වල ක්‍රියාකාරිත්ව ඉතා ඉහල මට්ටමකට පවත්වාගෙන යෑම සඳහා ඉදිරියේදි කටයුතු කරන බවට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමසාධක රාජකාරි සඳහා භට පිරිස් සපයන රටවල් අතරින් 31වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්වි තිබෙනවා. එමෙන්ම මේ දක්වා සාම සාධක රාජකාරි සඳහා භට පිරිස් විසිදහසකට අධික ප්‍රමාණයක් යොදවා තිබෙනවා. ඒ් තුලින් රටට හිමිවි තිබෙන මූල්‍යමය ප්‍රතිලාභ අමෙරිකානු ඩොලර් මිලියන තුන්සීයකට ආසන්නයි. විදේශවිනිමය ලබාදීමේ නිහඩදායකත්වයක් අප විසින් සිදුකරන බව මෙහිදි සිහිපත් කරනවා. මීට අමතරව යුද හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යාන්තර මට්ටමේ ක්‍රීඩාකරන තරඟ ජයග්‍රහන ලබාගෙන ශ්‍රී ලංකාව ඉමහත් කීර්තියක් ලබාදී තිබෙන බව මෙහිදි සිහිපත් කිරීමට කැමැතියි. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවේ යුද හමුදාව සිය වියදම් මනාකළමනාකාරිත්වයකින් යුතුව පවත්වාගෙන යෑමට කටයුතු කරන අතර විදේශීය පුහුණුවිම් ඉතාමත් සීමා කරලා එමපුහුණුවීම් මෙරටේදීම කටයුතු සම්පාදනය කර තිබෙනවා. වියදම් අතින් අපේ ඉන්ධන වැයවීම් 40% කින් ආරක්ෂා කර දෙමින් රටට දායකත්වය සපයා තිබෙනවා.

73 වැනි යුද හමුදා සංවත්සරය වෙනුවෙන් ආගමික ආශිර්වාද ලබා ගැනීම ශ්‍රී දළදා මාලිගය

එළැඹෙන 73 වැනි යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් සර්ව ආගමික ආශිර්වාද පුද පූජා මලාවේ අංගයක් ලෙස,  (28) පෙරවරුවේ යුධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී දළදා මාලිගය  පූජනීය පරිශ්‍රයේදී  සිදුකරනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී, ශ්‍රී ලංකා යුද හමුදාවේ විධායක ජෙනරාල්, ආරක්ෂක සේනා(මධ්‍යම) ආඥාපති සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ නිළධාරීන් මෙන්ම රෙජිමේන්තු සැරයන් මේජර් වරුන් ඇතුළු සෙසු නිලයන් පිරිසක් සහභාගි විය.

යුධ හමුදා ධජය සහ ස්වෙච්ඡා බළසේනා ධජය ඇතුළු සියලුම යුද හමුදා රෙජිමේන්තු, ආරක්‍ෂක සේනා මූලස්ථානය, පුහුණු පාසල්, සේනාංක, බලසේනා සහ ඒකක ධජයන්ට සෙත් පැතීම සහ යුද හමුදාව වෙනුවෙන් සර්වාගමික ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදුකරනු ලැබීය. මේ හා සබැඳි යුද්ධ හමුදා පති තුමන්ගේ පණිවුඩය/ මාධ්‍ය නිවේදනය ජායාරූප සහ වීඩියෝ දර්ශන ඔබ වෙත යොමු කරනු ලබන අතර එය ඔබ පුවත්පත් / නාලිකාවේ පලකර දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments