22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සෞදි අරාබියේදි රෝගාතුරවු අයෙක් යළි ශ්‍රී ලංකාවට - විදේශ සේවා නියුක්ති කාර්යාංශය

සෞදි අරාබියේදි රෝගාතුරවු අයෙක් යළි ශ්‍රී ලංකාවට – විදේශ සේවා නියුක්ති කාර්යාංශය

සෞදි අරාබියේ රියදුරු රැකියාවේ නිරතව සිටින අතරතුර මොලයේ ආබාධයක් හේතුවෙන් දැඩි ලෙස රෝගාතුරව පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊයේ (28) අලුයම දිවයිනට ගෙන්වා ගෙන තිබේ.

පුත්තලම මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සේගු අබ්දුල් කාදර් මොහම්මුදු ඊබ්‍රාහිම් නැමැති මෙම පුද්ගලයා 2019.12.18 වන දින රියදුරු රැකියාවක් සඳහා විදේශ ගතවී ඇති අතර, ඔහුගේ පවුලේ ඥාතීන් ඔහු රෝගී වී ඇති බැවින් දිවයිනට ගෙන්වා දෙන මෙන් කාර්යාංශය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව කාර්යාංශය, ඊබ්‍රාහිම් මහතා දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර ගත් අතර, දිවයිනට පැමිණෙන අතරතුර ගුවන්යානයේදී අවශ්‍ය සහාය ලබාදීම සඳහා කරාපිටිය රෝහලේ හෙද නිලධාරියෙකුද සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් සෞදි අරාබිය බලා පිටත්කර යවා ඇත.

ඊබ්‍රාහිම් මහතාගේ රෝගී තත්ත්වය අනුව ඔහු ගුවන් යානය තුළදී විශේෂිත පහසුකම් සහිතව ගෙන්වා ගත යුතු බැවින් විශාල වියදමක් දැරීමට සිදුවී ඇත. එම සම්පූර්ණ මුදල ඔහුගේ පවුගේ ඥාතීන්ට දරාගත නොහැකි වූ අවස්ථාවක කාර්යාංශය මේ සඳහා රුපියල් ලක්ෂ 15ට අධික වියදමක් දරමින් 2022.09.28 වන දින උදෑසන UL 266 දරණ ගුවන් යානය මගින් දිවයිනට ගෙන්වා ගෙන රෝහල් ගත කිරිමට කටයුතු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments