25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ආබාධිත වූ දැරියට මිලියන 30ක වන්දියක්

ආබාධිත වූ දැරියට මිලියන 30ක වන්දියක්

වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් ආබාධිත වූ දරුවෙකුට මිලියන 30ක මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් රජයට නියෝග කර තිබේ.

අදාළ නඩු තීන්දුව ලබා දී ඇත්තේ කොළඹ දිසා අධිකරණය විසිනි.

ගම්පහ මහ රෝහලට සහ සෞඛ්‍ය අමාත්‍යංශයට එරෙහිව අදාළ දැරිය වෙනුවෙන් ඇයගේ මව විසින් මෙම නඩුව පවරා ඇත.

එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ දැරිය කළලයක්ව මවගේ කුස තුළ සිටි සමයේ සිට බිහිවන තෙක් වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්භාවය හේතුවෙන් මේ වනවිට ඇය ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවය.

ඒ අනුව ජීවිත කාලය පුරා ඇය ආබාධිත තත්ත්වයට පත්වීමට වෛද්‍යවරුන්ගේ නොසැළකිලිමත්භාවය හේතුවී ඇති බව සඳහන් කරමින් එම නඩුව ගොනුකර තිබුණි.

දැරියගේ පාර්ශවය වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා පෙනී සිට ඇති අතර රජයේ පාර්ශවය වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිට තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අධිකරණය විසින් එම වන්දි මුදල දැරියට ගෙවන ලෙස රජයට නියෝග කරනු ලැබීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments