21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ශ්‍රී ලංකා ඉන්ෂ්වරන්ස් හා ග්ලිට්ස් පාර්ක් ඒ්කාබද්ධව වාහන හිමි පාරිභෝගිකයින්ට රක්ෂණයට ඉක්මවා...

ශ්‍රී ලංකා ඉන්ෂ්වරන්ස් හා ග්ලිට්ස් පාර්ක් ඒ්කාබද්ධව වාහන හිමි පාරිභෝගිකයින්ට රක්ෂණයට ඉක්මවා ගිය සුරක්ෂිතතාවයක් – ග්ලිට්ස් පාර්ක් අධ්‍යක්ෂිකා ශෂිකා ද සිල්වා මහත්මිය

රක්ෂණයේ දැවැන්තයා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ඔටෝ මොබයිල් කර්මාන්තයේ වසර දාහතක් පුරා සේවයේ යෙදි සිටින ග්ලිට්ස් පාර්ක් පුද්ගලික සමාගම එක්ව රථවාහන හිමියන්ට රක්ෂණය ඉක්මවා යන සේවයක් ලබාදීම සඳහා එක්වන නව වැඩපිළිවෙලක් හඳුන්වාදීම ගම්පහ යක්කලින් ආරම්භ කර තිබේ.

ඒ් අනුව වාහනයකට අංඟසම්පූර්ණ රැකවරණයක් ලබාදීමට මෙම වැඩපිළිවෙල හඳුන්වා දෙයි. වර්තමානයේ මතුවි තිබෙන අර්බදයත් සමග ඩොලර් පිටරටට ඇදි යන්න ඉඩනොදි වාහනයට හොඳ සර්විස් එකක් හා අලුත්වැඩියාවක්ද ලබාදීම ඇතුළු අලුත්වැඩිය කළ හැකි සෑම දේම සිදුකිරීම යක්කල ග්ලිට්ස් පාර්ක් හී ඇරයුමයි. තම වාහානයට අවශ්‍ය අමතර කොටස් නැතිව සිටිනවා නම් අප වෙත පැමිණෙන්න කියා සුහදව වාහන හීමි පාරිභෝගික ජනතාවට ගලිට්ස් පාර්ක් ආරාධනා කරයි.

මෙය දිවයින පුරාම ව්‍යාපත කිරීම සඳහා රටේ දැවැන් ව්‍යවසායකයින් එක්වි යුතු මොහාතක් බව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පෙන්වාදෙයි. මෙය වාහන හිමියන්ට සුභආරංචියකී. අපිට රක්ෂණය සිහිපත් වෙන්නේ හදිසිඅනතුරකදි පමණක් වන බැවින් රක්ෂණය හා ඔටොබොයිල් ඒ්කාබද්ධවීමෙන් ඊටත් ඔබ්බට ගිය ශක්තිමත් සේවයක් ලබාදෙයි. ඔටොමොබයිල් යනු ලෝකයේ තිබෙන දැවැන්ත කර්මාන්තයක්. එවැනි කර්මාන්ත ලංකාවේ මෙවැනි කාලයක ආරම්භ කිරීම ඉතා වැදගත්වේ. රටින් යන තරුණ ජවය පවා නවතා ගැනීමට ගැනීමට මෙවැනි දැවැන්ත කර්මාන්තවලින් හැකිවනු ඇත. වාහනයක සිදුවන සියලුම කරදරකාරි අවස්ථාවලදි රක්ෂණය පමණක් නොව ඔටොමොබයිල් සේවාව ඒ්කාබද්ධ කොට සුවිශාල සේවයක් කිරීම මෙහි අරමුණවේ. අද අමතර කොටස් ගෙන්වීම ඉතා අපහසු බැවින් මෙවැනි ඒ්කාබද්ධ විශාල ආයතන සමග වාහන හිමියන් එක්විය යුතුයි. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයේ යක්කල ශාඛාවේ සිව්වන සංවත්සරයද මේ අවස්ථාවේ සැමරු අතර එහිදි ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ග්ලිට්ස් පාර්ක් සමාගම් අතර ගිවිසුම්ගතවීම සිදුවූහ. මේ අවස්ථාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හී වර්තමාන සභාපති නීතිඥ ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා, ග්ලිට්ස් පාර්ක් සමාගමේ අධ්‍යක්ෂිකා ශෂිකා ද සිල්වා මහත්මිය ඇතුළු ආයතන දෙකේම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments