29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්"ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිකිරීම් කරුවන්ට ගෙවීම් කිරීමට සහනදායි ක්‍රමයක් ආරම්භ...

“ඉදිරි සති දෙක තුන ඇතුළත ඉදිකිරීම් කරුවන්ට ගෙවීම් කිරීමට සහනදායි ක්‍රමයක් ආරම්භ කරනවා – ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

මහනුවර කුණ්ඩසාලේ පිහිටි මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු පාසලේ සිය වන කණ්ඩායමේ සහතික පත්‍ර ප්‍රදානය ඊයේ (02) මධ්‍යම පළාත් ශ්‍රවණාගාර ශාලාවේ දී ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. උත්සවය අමතමින් අමාත්‍යවරයා මෙසේද කීය….
“අපේ රටේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මේ වනවිට ප්‍රශ්න රාශියක් තිබෙනවා. දශක තුනක යුද්ධයෙන් විනාශ වූ උතුරේ නැගෙනහිර පළාත් වල මංමාවත් විදුලිය ජලාප්‍රවාහන අංශ නැවත ගොඩනැගීමට ඉතා විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. උතුරු වසන්තය, නැගෙනහිර උදානය වැනි ව්‍යාපෘතිවලදී මග නැගුම, මාර්ග සංවර්ධන අධිකාරිය වැනි ආයතන විශාල සේවයක් ඉටු කළා. ඒ සඳහා සැපයුම් කළ සැපයුම්කරුවන්ට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවිය යුතුව තිබෙනවා. රටේ පවතින ආර්ථික අර්බුදයෙන් ඔවුනුත් අර්බුදයට ලක්ව තිබෙනවා. මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර එලෙස විශාල මුදලක් ගෙවිය යුතු අයට ඉදිරි සති දෙක ඇතුළත සහනදායි ගෙවීම් ක්‍රමයක් ලබා දීමට අපි මැදිහත්ව කටයුතු කරනවා.
එසේම ඉදිරි සති කීපය තුළ විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව අවබෝධතා ගිවිසුමක් ඇතිකර ගෙන විදේශ රටවල් වල අවශ්‍යතාවය හා ඉල්ලුම ඇති බර වාහන පුහුණුව අංශ සඳහා විශේෂ පුහුණුවක්‌ ලබා දීමටත් අප කටයුතු කරනවා. අවශ්‍ය පුහුණු ශ්‍රමය අවශ්‍ය ස්ථානවලට ලබාදීම එම ගිවිසුම තුළින් හැකිවනවා. එසේම මෙම ආයතනය උසස් පිළිගැනීමක් ලැබෙන පරිදි ඉදිරියේදී එහි නම මගනැගුම තාක්ෂණික ආයතනය ලෙසින් සංශෝධනය කරන්නට අපි අවශ්‍ය කටයුතු කරනවා.”

මෙම අවස්ථාව සඳහා මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,ප්‍රදේශයේ පළාත් පාලන නියෝජිතයින් මග නැගුම ආයතනය සභාපති සහ අධ්‍යක්ෂක මණ්ඬලය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments