නීති විරෝධී වියලි ගංජා සැකකරුවෙකු නැතිව විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක පි.එච්.ඩි. මධුශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (10) ඇඹිලිපිටිය පොලිස් වසමේ හින්දළුක්හින්න, කරුවලගංගොඩ රජයේ රක්ෂිතයේ දී වැටලීමක් සිදුකර නීති විරෝධී වියලි ගංජා කිලෝ ග්‍රෑම් 365.3 ක් සැකකරුවෙකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඇඹිලිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අභයකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.කේ.ඩී.ආර්.ඒ.කේ. දිසානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) කහතුඩුව පොලිස් වසම් අංක 432/20, ආඩියාමුල්ල, කිරිවන්තුඩුව ලිපිනයේ දී වැටලීමක් සිදුකර
රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි කහතුඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කහතුඩුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
විවිධ වර්ගයේ දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරි කොඩිතුවක්කු මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ උප පොලිස් පරීක්ෂක ටී.එම්.පී.බී. තෙන්නකොන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (09) මානිප්පායි පොලිස් වසමේ සංගරපිල්ලේ පාර, මානිප්පායි ලිපිනයේ පිහිටි බාලා ස්ටෝර්ස් යන වෙළදසැලේ දී වැටලීමක් සිදුකර තීරුබදු රහිතව, නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද ගෝල්ඩ්ලිෆ් වර්ගයේ දුම්වැටි 04 ක්, මැන්චෙස්ටර් වර්ගයේ දුම්වැටි 65 ක් හා රොත්මන්ස් වර්ගයේ දුම්වැටි 13 ක් සන්තකයේ තබාගෙන සිටි මානිප්පායි ප්‍රදේශයේ වයස අවුරුදු 35 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මානිප්පායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.