29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සතොස හඳුන්වාදෙන ''Green Super'' සුපිරි වෙළෙඳසැල් ජාලය ‌ආරම්භ කෙරේ.

සතොස හඳුන්වාදෙන ”Green Super” සුපිරි වෙළෙඳසැල් ජාලය ‌ආරම්භ කෙරේ.

”Green Super” සුපිරි වෙළෙඳසැල් ජාලය ආරම්භ කළේ දේශීය ව්‍යවසායකයාට දෙස් විදෙස් වෙළෙඳපොළක් සොයා දීමටත් පාරිභෝගික ජනතාවට සෞඛ්‍යාආරක්ෂිත හා පරිසර හිතකාමි භාණ්ඩ රාජ්‍ය වගකීමේ සහතිකය සහිත සහන මිලට ලබාදීමේ අරමුණින් බව සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ සභාපති නීතිඥ තුෂාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ ස.තො.ස. යටතේ ආරම්භ කෙරුණු ”Green Super” සුපිරි වෙළෙඳසැල් ජාලයේ පළමු වෙළෙඳසැල සුබ මොහොතින් අංක 492, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03 යන ලිපිනයේ ආරම්භවු අවස්ථාවට එක්වෙමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සභාපතිවරයා කියා සිටියේ අද ආරම්භ කෙරෙන ග්‍රීන් සුපර් අලෙවි ජාලය විශේෂයෙන්ම පෝෂණීය සංස්කෘතියක් ගොඩනගන්න ”ජාතියට පෝෂණය” යන සංකල්පය පෙරදැරිව ආරම්භ වෙන මෙම ව්‍යාපෘතිය හැත්තෑතුන් වසරක සතොස ඉතිහාසයේ දී දේශිය ව්‍යවසායකයින්ගේ හොඳම නිෂ්පාදන ජාත්‍යාන්තරයට ගෙන යෑම වගේම අපේ හොඳම දේ විදේශිකයින්ට මෙන්ම ශ්‍රී ලාංකිකයින්ටත් ලබාදීම තමයි අරමුණ. ඒ අනුව දේශීය ව්‍යවසායකියන්ට අපි ආරාධනා කළා ඔබලා විදේශීය වෙළෙඳපොළට ලබාදෙන ගුණාත්මක හා පෝෂණිය, පරිසරහිතකාමි දේවල් මේ රටේ වෙළෙඳපොළටත් ලබාදෙමු කියලා. අල,ළූණු,සීනි හා පරිප්පු කියන සංකල්පයෙන් එහාට ගිහිල්ලා දේශීය ව්‍යවසාකයින් සමග ජාත්‍යාන්තර මට්ටමේ අත්දැකීමක්,නිෂ්පාදනයක් වඩා ගුණදායි හා ඵලදායි ලෙස ජනතාව වෙත ගෙන යෑම තමයි බලාපොරොත්තුව.ඒ ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරනවා අපිත් සමග එකතුවෙන්න කියා.

ජාතීයට පෝෂණය ලබාදෙමින් අතීතයේ පැවැති පෝෂ්‍යදායි සංස්කෘතිය යළි ඇතිකරන්න තමයි ”Green Super’ අලෙවිජාලය පැමිණෙන්නේ. දැනට ජාත්‍යාන්තරයට භාණ්ඩ අපනයනය කරන දේශීය ව්‍යවසායකයින් හතලිස් එකක් අපිත් සමග එක්ව සිටිනවා. ඉදිරියේදි රාජගිරිය,මහනුවර හා ගාල්ල යන ප්‍රදේශවල Super” සුපිරි අලෙවිජාලයේ ශාඛා ආරම්භකිරීමට දැනට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව නැවුම් සුපිරි අත්දැකීමක් සමග කාබනික හා හරිත නිෂ්පාදන, සෞඛ්‍යදායි ආහාර ද්‍රව්‍ය, මෙන්ම මෙරට අත්කම් නිර්මාණ හා තෑගි භාණ්ඩ ​සහන මිලට ඕනෑම අයකුට මිලදී ගැනීමට කටයුතු සූදානම් කර ඇත.

මේ අවස්ථාව රාජය ඇමැති කාදර් මස්තාන්, ලංකා සතොස සභාපති පසඳ යාපා, මිල්කෝ සභාපති රේණුක පෙරේරා ඇතුළු නිලධාරීන් රැසක් එක්වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments