21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය ජවාරමෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

මහා පරිමාණ අයිස් මත්ද්‍රව්‍ය ජවාරමෙකු එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් ලක්ෂ දහඅටකට අධික වටිනාකමින් යුත් ලෝකයේ භයානකම විස මත්ද්‍රව්‍යයක් වන අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අභයකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජි.එච්.යු. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11) වැලිකඩ පොලිස් වසම් අංක 114/ඒ, කොටුවේගොඩ, රාජගිරිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර රුපියල් ලක්ෂ දහ අටකට අධික වටිනාකමින් යුත් අධික විස මත්ද්‍රව්‍යක් වන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සන්තකයේ තබාගෙන සිටි සහස්පුර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40, 43 වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයන් දෙදෙනා සහස්පුර පත්මසිරි නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් බවට තොරතුරු අනාවරණය වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments