යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් පැවැත්වෙන පොපි මල් සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති, අද්මිරාල් (විශ්‍රාමික) රවීන්ද්‍ර විජේගුණරත්න විසින් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න වෙත පොපි මලක් පැළඳවීම අද (2022 ඔක්තෝබර් 12) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.
පළමුවන හා දෙවන ලෝක යුද්ධයේ දී දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම සංකේතවත් කරමින් ප්‍රථම වරට මෙම පොපි මල් සැමරුම ආරම්භ වී ඇති අතර, වර්තමානයේදී මව්බිම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම වීරෝධාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් මෙම පොපි මල් සැමරුම පවත්වනු ලබයි. ඒ අනුව, යුද්ධයේදී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ සියළුම විරෝධාර නාවික රණවිරුවන් අනුස්මරණය කරමින් ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ සභාපති විසින් නාවික හමුදාධිපති වෙත පොපි මලක් පැළඳවීම මෙලෙස නාවික හමුදා මුලස්ථානයේදී (12) සිදු කෙරිණි.
තවද, මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා සංගමයේ උප සභාපති රියර් අද්මිරාල් (විශ්‍රාමික) මනිල් මෙන්ඩිස් ඇතුළු සාමාජිකයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.