ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු (12) ගල්කිස්ස කොට්ඨාසය අපරාධ අංශය අත්අඩංගුවට ගෙන තිබේ.
මොරටුව පොලිස් වසමේ එගොඩ උයන ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් සැකකරුව වයස අවුරුදු විස්සක්වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්වේ. මෙම සැකකරු ඔහුගේ ජාතික හැඳුනුම්පත උපයෝගි කරගෙන අපරාධකරුවන්ට සිම්පත් දෙකක් මිලදි ගෙන ලබාදි ඇති බවට කරුණු අනාවරණයවි ඇත. ප්‍රශ්න කිරීමේදි ඔහුගෙන් අනාවරණයවු කරුණු මත අපරාධකරුවන් භාවිතා කළ ජංගම දුරකතන දෙකක් විමර්ශන නිලධාරීන් සොයාගෙන නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබේ. සැකකරු මහෙස්ත්‍රාත් අධිකරණවෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ගල්කිස්ස පොලිස් වසමේ රස්ටම්වත්ත ප්‍රදේශයේදි එම අපරාධ කොට්ඨාසයේ නිලධාරින් වෙත ලැබුණු තොරතුරක් මත වැටලිීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම්10යි මිලිග්‍රෑම් 200ක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත. සැකකරු වයස අවුරුදු 21ක්වන රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු (13) ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ. ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
වාලච්චේන පොලිස් වසමේ කෝරාවිල් ප්‍රදේශයේදි කලවංචිකුඩි විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාරදි ඇත.
වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.