29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඇහැලියගොඩ ජාතික පාසැලේ පිහිටුවන පළමු ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වේ.

ඇහැලියගොඩ ජාතික පාසැලේ පිහිටුවන පළමු ශිෂ්‍ය පාර්ලිමේන්තුව රැස්වීම පැවැත්වේ.

ශිෂ්‍ය පාර්ලිමේන්තුවල විද්‍යුත් ඡන්ද ක්‍රමය ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහාය…

රට පුරා ක්‍රියාත්මක වන ශිෂ්‍ය පාර්ලිමේන්තු තුළ විද්‍යුත් ඡන්ද ප්‍රකාශ කිරීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සිය සහයෝගය පළ කොට තිබේ.

එහි ආරම්භය ලෙස දැනුවත් කිරීමේ වැඩසටහනක්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් පසුගියදා පවත්වන ලද්දේ ඇහැලියගොඩ ජාතික පාසැලේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්ද ප්‍රකාශනය කිරීමේ ක්‍රමය භාවිතයට ගැනීම පිළිබඳවය.

“ශීෂ්‍ය පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද ප්‍රකාශනයට අත්වැලක්” මැයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉහල නිලධාරීන් රැසක් සහභාගීවූ අතර එහිදී ශීෂ්‍ය-ශිෂ්‍යාවන්ට සහ ආචාර්යවරුන්ට සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි වූහ.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විද්‍යුත් යන්ත්‍රයක් භාවිත කිරීමෙන්, මුද්‍රිත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි යනාදිය සඳහා වන පිරිවැය ඉතිරි වන අතර, ඡන්ද ගණනය සඳහා වැයවන ශ්‍රමය සහ කාලය ද අවම කරගත හැකි බව නූතන මැතිවරණ විශේෂඥයන්ගේ පිළිගැනීමයි. ඡන්දදායකයන් ලියාපදිංචි කිරීමේ සිට, මැතිවරණ දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ සිට අවසාන ප්‍රතිඵලය නිවේදනය කිරීම දක්වා වූ සෑම අදියරකදීම, කිසිදු වරදකින් තොරව මෙම විද්‍යුත් ඡන්ද ප්‍රකාශන කටයුතු පවත්වාගෙන යාම සඳහා ගත හැකි තොරතුරු තාක්ෂණිකමය පියවරයන් පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිසුන් වෙත කරුණු පැහැදිලි කරන ලදී.

එමෙන්ම, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ ජාතික පාසැල විසින් මෙවර සිය ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය සඳහා විද්‍යුත් ඡන්ද ක්‍රමයක් යොදාගැනීමට යොමුවීමම අතිශය සුභවාදී ප්‍රවණතාවක් බව පාර්ලිමේන්තු නිලධාරීහු මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී පෙන්වා දුන්හ.

මාර්ගතව පැවති මෙම වැඩසටහනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (තොරතුරු පද්ධති කළමණාකරණ) මහේෂ් පෙරේරා මහතා සහ සෙසු නිලධාරීන් වන නරේන්ද්‍ර ලක්මහල් සහ චමින්ද විල්ලෝර ආරචිචි යන මහත්වරුන්ද සම්බන්ධ වූහ. මීට අමතරව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (සම්බන්ධීකරණ ඉංජිනේරු) ලලිත් අධීකාරි මහතාද පාර්ලිමේන්තුවේ විද්‍යුත් ඡන්ද ප්‍රකාශනය පිළිබඳ සිය අත්දැකීම් ඇසුරින් දේශනයක් ඉදිරිපත් කළේය. පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ (ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන) ජනකාන්ත සිල්වා මහතා මෙම වැඩසටහනට එක් වෙමින්, මැතිවරණයෙන් අනතුරුව ඇහැලියගොඩ ජාතික පාසැලේ පිහිටුවන පළමු ශිෂ්‍ය පාර්ලිමේන්තු රැස්වීම සඳහා පාර්ලිමේන්තුවේ වෙනුවෙන් සිය සුභාශීංසනද එක් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments