29.5 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඅධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අතර...

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා අතර හමුවක්… අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සහ රුසියාවේ විද්‍යා හා උසස් අධ්‍යාපන අමාත්‍ය වැලරි ෆැල්කොව් (Valery Falkov) මහතා අතර හමුවක් රුසියාවේ දී පැවැත්විණ. මෙහි දී දෙරට විශ්වවිද්‍යාල අතර සහයෝගීතාව වැඩි කරගැනීම පිළිබඳ කරුණු සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් සඳහා දෙනු ලබන රුසියානු උසස් අධ්‍යාපන අවස්ථා සහ ශිෂ්‍යත්ව පිළිබඳ ව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය කෘතවේදීත්වය රුසියානු අමාත්‍යවරයා හමුවේ පළ කළේ ය. මෙරටට ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය තවදුරටත් වැඩි කිරීමට පියවර ගන්නා බව ද රුසියානු උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැවසී ය. මෙම අවස්ථාවට රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් එක්විය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments