21.9 C
Sri Lanka
Saturday, August 9, 2025
HomeUncategorizedප්‍රතිසංස්කරණය කළ කොළඹ දිසා අධිකරණයේ තවත් කොටසක් අධිකරණ කටයුතු සදහා යළි භාරදෙයි.

ප්‍රතිසංස්කරණය කළ කොළඹ දිසා අධිකරණයේ තවත් කොටසක් අධිකරණ කටයුතු සදහා යළි භාරදෙයි.


කොළඹ, අලුත්කඩේ දිසා අධිකරණ හා මහාධිකරණ ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීම කොටස් හයක් යටතේ මේ වන විට සිදු කරමින් පවතින අතර එහි ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කළ පස්වන කොටස නැවත අධිකරණ කටයුතු සදහා භාරදීම අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් (10) කොළඹ දිසා අධිකරණ පරිශ්‍රයේදී සිදු විණි.
එහිදී කොළඹ දිසා අධිකරණයේ ප්‍රධාන රෙජිස්ටාර් සුජීවා සෙනෙවිරත්න මහත්මිය වෙත අධිකරණ අමාත්‍යවරයා නිල වශයෙන් යතුරු භාරදීම සිදු කළ අතර, ප්‍රතිසංස්කරණය කරන ලද අධිකරණ ගොඩනැගිලි නිරීක්ෂණය කිරීම සදහා ද අමාත්‍යතුමා ඇතුළු නිලධාරීන් එක් විය.
මේ වන විටත් දිසා අධිකරණයේ කොටසක් හා මහාධිකරණයේ කොටසක් ප්‍රතිසංස්කරණය සිදු කර අධිකරණ කටයුතු සදහා භාර දී ඇති අතර, අධිකරණ ගොඩනැගිලිවල පැවති පෞරාණිකත්වය සුරක්ෂිත වන පරිදි අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර තිබේ.
දිසා අධිකරණයට අයත් ආපන ශාලාව, නීතිඥ විවේකාගාර දෙකක් හා පුස්තකාලයේ කොටසක් ප්‍රතිසංස්කරණය කර භාරදුන් කොටසට අයත් වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments