29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය ශ්‍රී ලංකාව...

වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නීතියක් බවට පත් කරන්නැයි ඉල්ලීමක්.

2019 වසරේ ජුනි 21 වැනි දින ජීනිවාහිදී පැවති ජාත්‍යන්තර කම්කරු සම්මේලනයේ 108 වන සැසියේදී සම්මත කර ගන්නා ලැබු වැඩ ලෝකයේ ප්‍රචණ්ඩත්වය සහ හිංසනය මුලිනුපුටා දැමීම හා සම්බන්ධ සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නීතියක් බවට පත් කර ගැනීම සදහා මැදිහත්වන්නැයි වෘත්තීය සමිති නියෝජිතයෝ (11) අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍යාංශයේදී හමුවී විශේෂ ඉල්ලීමක් සිදු කළහ.

මෙම සම්මුතිය ශ්‍රී ලංකාව තුළ නීතියක් බවට පත් කිරීම මගින් රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ ජනතාවගේ රැකියාවෙහි තෘප්තිමත් බව, රැකියාවේ සුරක්ෂිත බව, රැකියා සදහා යොමු වන පිරිස ඉහළ යාම සිදු වන අතර රැකියාව සිදු කරන කාලය තුළ කිසියම් අසාධාරණයක් වු විට නීතියේ පිළිසරණ ලබා ගත හැකි බවත්, දේශිය විදේශිය ආයෝජකයින් දිරිමත් වීමට එය හේතුවන බවත්, මේ වන විටත් ලෝකයේ රටවල් 13 ක් මෙම සම්මුතිය නීතියක් බවට පත් කර ඇති බවත්, වෘත්තිය සමිති නියෝජිතයින් එහිදී අවධාරණය කළහ.
කම්කරුවාගේ අයිතීන් ආරක්ෂාවීමට මෙවැනි නීතියක් ගෙන ඒම අවශ්‍යතාවයක් වන අතර, විශේෂයෙන් කාන්තාවන්ට තම රැකියා කාලය තුළ යම් හිංසනයක්, පීඩාවක්, බලපෑමක් ඇති වුවහොත් ඒ පිළිබදව පැමිණිලි කිරීමේ හැකියාව මෙම සම්මුතිය නීතියක් බවට පත් කිරීම මගින් හැකි වන බව වෘත්තිය සමිති නියෝජිතයින් පෙන්වා දුන් අතර විධිමත් හා අවිධිමත් ආකාරයේ සියලු රැකියාවන් සිදු කරනු ලබන ජනතාවගේ සුරක්ෂිත බව මේ තුළින් තහවුරු වීම සිදු වේ.
මේ වන විටත් වෘත්තීය සමිති නියෝජිතයින් විසින් නීතිඥ උපදෙස් අනුව එම සම්මුතිය නීතියක් බවට පත් කිරීම පිළිබදව වු රෙගුලාසි සකස් කර තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යතුමා ඇතුළු එම අමාත්‍යාංශ නිලධාරීන්, අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන් හා නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කිරීමෙන් පසුව මෙම සම්මුතිය නීතියක් බවට පත් කිරීමේ ඉදිරි කටයුතු සිදු කරන බව අධිකරණ අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේය.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා ඇතුළු රජයේ කර්මාන්ත ශාලා සේවක සංගමය, දුම්රිය කළමණාකරන නිලධාරීන්ගේ සංගමය, ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය, රජයේ විකිරණවේදීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය, ත්‍රිරෝද රථ සංගමය, ලංකා බැංකු සේවක සංගමය හා පවුල් සෞඛ්‍ය සේවා සංගමය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික අංශ 24 ක් නියෝජනය කරමින් වෘත්තිය සමිති නියෝජිතයින් මෙම සාකච්ඡාව සදහා 3එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments