22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeUncategorized“ඉරිදා දින දහම් පාසැල් පැවැත්වෙන කාලය තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම” වැළැක්වීම...

“ඉරිදා දින දහම් පාසැල් පැවැත්වෙන කාලය තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම” වැළැක්වීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලදී.

ජනාධිපති නිතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා 2019 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් සිටියදී පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ “ඉරිදා දින දහම් පාසැල් පැවැත්වෙන කාලය තුළ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම” වැළැක්වීම සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන ලදී.

ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම නඩුවට පෞද්ගලිකව පෙනී සිටි අතර එම නඩුව පැවැත්වෙන අතරතුර උපකාරක පන්ති ගුරුවරයෙකු වන විමල් රොහාන් කෝදාගොඩ නැමැති අයෙකු විසින් ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට තර්ජනාත්මක ලෙස ප්‍රකාශයක් කිරීම හේතුවෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කළ අතර මුල් අවස්ථාවේ ඔහු නිවැරදිකරු බවට ආභියාචනා කරමින් නඩුවට ඉදිරිපත් වුවද පසුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හා ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් සමාව අයැද නඩු කටයුතු අවසන් කිරීමට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කැමැත්ත පල කරන ලදී.

ඒ් අනුව එම උපකාරක පන්ති ගුරුවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින්  වසර පහකට අත්හිටවු බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඩුවමක් හා රුපියල් ලක්ෂ තුනක දඩ මුදලක් නියම කළ අතර එම දඩ මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් මාස තුනක ලිහිල් සිර දඩුවමක් ද නියම කරන ලදී.

එම නඩුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ අතර සෙසු විනිසුරුවරුන් වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය කටයුතු කරන ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments