21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඅහුංගල්ල වෙඩි තැබීමට අදාල පුද්ගලයා එස්.ටී.එෆ්.වෙත වෙඩිතැබීමට ගොස් මියයයි.

අහුංගල්ල වෙඩි තැබීමට අදාල පුද්ගලයා එස්.ටී.එෆ්.වෙත වෙඩිතැබීමට ගොස් මියයයි.

අහුංගල්ල වෙඩි තැබීමට අදාල ප්‍රධාන සැකකරු අවි ආයුධ පෙන්වීමට ගොස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට වෙඩි තැබීමට උත්සහ කිරීමේදී පෙරලා විශේෂ කාර්ය බලකාය නිලධාරීන් සිදුකල වෙඩි තැබීමේදී ඔහුට වෙඩි වැදී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇත

විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් II හි නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ හා ප්‍රාදේශිය අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී අරුණ සම්පත් මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් II ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සහ දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (12) අහුංගල්ල පොලිස් වසම් දික්වැල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට දී සිදු වූ වෙඩි තැබීම සිදුකල වයස අවු. 36 ක් වන තණමල්විල ප්‍රදේශයේ පදිංචි කටුවන ගම් ආචාරිගේ මහේෂ් ඉන්දික ප්‍රභාත් පුද්ගලයා අත්අඩංගුවට ගත් අතර වැඩිදුර ප්‍රශ්ණ කිරීමේ දී අනාවරණය කරගන්නා තොරතුරු (13) සඟවා ඇති ආයුධ කිහිපයක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට බලපිටිය ප්‍රදේශයට පිටව ගොස් සිටියදී කැලෑබද ප්‍රදේශයක දී සැකකරු සඟවා තිබූ ගිනි අවියකින් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වෙත වෙඩි තබා ඇති අතර, එහිදි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් එල්ල කරනු ලැබු වෙඩි තැබීම් හේතුවෙන් සැකකරු තුවාල ලබා බලපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

තවද මෙම මිය ගිය පුද්ගලයා ප්‍රභල සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන කරන්දෙණියේ සුද්දා නැමැත්තා ඇතුළු කණ්ඩායමේ ප්‍රධාන සාමාජිකයකු බවත් මොහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති පුද්ගලයකු බවත් මොහු නීති විරෝධී අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවටද වැඩිදුරටත් තොරතුරු අණාවරනය වී ඇත.
එහිදි ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව අත්බෝම්බයක් අත්අඩංගුවට ගෙන තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments