අපරාධයක් කිරීමෙ අරමුණින් සඟවා තිබුT56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් සහ එම උණ්ඩ සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ නිලධාරින්ට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හා කලාප අණදෙන නිලධාරී අම්පාර සිල්වෙස්ටර් විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය කලවංචිකුඩි කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එන්.එන්. ප්‍රේමරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් සමඟ එකාබද්ධව (12) වාලච්චේන පොලිස් වසමේ කෝරාවේලි කැලෑබද ප්‍රදේශයේ දී මෙහෙයුමක් සිදුකර සැකකරුවකු නොමැතිව විදේශීය රටක නිශ්පාදිත T56 වර්ගයේ ස්වයංක්‍රිය ගිනි අවියක් හා 7.62 x 39 mm වර්ගයේ ජීව උණ්ඩ 08 අත්අඩංගුවට ගෙන ඇත.මෙම ගිනි අවිය යමි අපරාධමය කටයුත්තක් සදහා භාවිතා කිරිමට මෙලෙස සගවා තබා ඇතැයි උපකල්පනය කරන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානය වෙත භාර දී ඇත