27 C
Sri Lanka
Monday, June 23, 2025
Homeසමාජසේවාකැලණි සවිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වංශ කතාවේ තවත් පරිච්ඡේදයක් ආරම්භවේ.

කැලණි සවිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය වංශ කතාවේ තවත් පරිච්ඡේදයක් ආරම්භවේ.

යළිත් අත්සන් තබනු ලැබූ පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ කැලණි කේබල්ස් සමාගම අතර වූ සහයෝගිතා ගිවිසුමට අනුව තවත් වසර පහකට කැළණි සවිය පුද්ගල සංවර්ධන ව්‍යාපෘතිය ක්(personnel development program ) ලෙස ත් රාජ්‍ය හා පුද්ගලික සහයෝගිතා ඒකාබද්ධ වැඩසටහන ක් (private public partnership ) ලෙසත් ඉදිරියට ගමන් කරනු ඇත .

කිසිම ආකාරය ක වාණිජ පරමාර්ථයකින් තොරව ඉතාමත් පිරිසිදු සමාජ සත්කාරක වැඩසටහන ක් ලෙසින් ක්‍රියාත්මක මෙම මාහැගි කැළණි සවිය වැඩසටහන 2017 දී SILM Brand Excellence සම්මාන රාත්‍රී යේදී රන් සම්මානය ත්, 2019 දී රිදී සම්මානයත් හිමි කරගත්තේය.

මෙහිදී වෙසෙසින් ම, එදා කැලණි සවිය බිහිකිරීම ට දායකවූ, මහාචාර්ය ජනක ඒකනායක කැලණි සවිය සම නිර්මාතෘ හා පාඨමාලා වේ විෂය මාලාවේ නිර්මාතෘ , කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ හේමන්ත පෙරේරා , එවකට හිටපු ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය SBS අබේකෝන් (පසු කලෙක උප කුළපති විය .) අංශ ප්‍රධානී ආචාර්ය සනත් අලහකෝන් යන විද්‍යාර්ථයින් වේ.

2012 වසරේ සිට අවස්ථා තුනකදී මෙම සහයෝගිතා ගිවිසුම ඉදිරියට ගෙන යෑමට කැළණි කේබල්ස් සමාගම වෙනුවෙන් ක්‍රියා කළ වර්තමාන අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල මහතා ද විශේෂයෙන්ම සිහිපත් කළ යුතුව ඇත.

මෙම ඡායාරූප වල, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුළපති මහාචාර්ය එම්.ඩි. ළමාවංශ , කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී මහින්ද සරණපාල , කැලණි කේබල්ස් සමාගමේ අලෙවි සාමාන්‍යාධිකාරී ආචාර්ය අනිල් මුණසිංහ යන මහත්වරු සහ වැඩ බලන රෙජිස්ට්‍රාර් මහත්මිය ද වෙති.

ඡායාරූප : කීර්ති අමරසේකර )

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments