21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජාත්‍යාන්තර රතුකුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්...

ජාත්‍යාන්තර රතුකුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය මෙරට ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ජනතාව හඳුනාගැනීමට සඳහා වාර්තාවක් සකස් කෙරේ.

මෙය සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සහයෝගය ඇතිව සිදුකර තිබේ.

ආර්ථික අර්බුදයෙන් ජනතාවට කුසගින්නේ පසුවෙමින් දිවිසුරකින ඖෂධ මිලදි ගැනීම හෝ දරුවන් පාසැල් යැවීම පිණිස මුදල් සොයා ගැනීම අතර බේදජනක තීරණ ගැනීමට බලපෑමක් සිදුකරමින් පවතී.

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසිපහෙන් දිස්ත්‍රික්ක එකොළහක නිවාස තුන්දහස් එකසීයකට වැඩි සංඛ්‍යාවක් යොදාගනිමින් රතුකුරුස සංවිධානය සිදුකළ අවශ්‍යතා තක්සේරු කිරීමේ වාර්තාවක් පෙන්නුම් කරන්නේ ආහාර අනාරක්ෂිතභාවය, සෞඛ්‍ය , ජීවනෝපායන් සහ මන්දපෝෂණය මූලික කොටගත් අංශ අතර යමික් ආකාරයකින් 96%ක් වත්මන් අර්බුදයෙන් පීඩාවට පත්ව ඇති බවයි. කායික සූරක්ෂිත භාවය මෙන්ම කාන්තාවන් හා ළමයින්ට එරෙහිවද මේ පීඩනය පවතී. මිල අධිකවීම, ආදායම් පීඩාව හො ලබාගැනීමට නොමැතිවීම නිසා ආහාර ලබාගැනීමේ උග්‍ර කරදරකාරි ගැටලුද මෙම වාර්තාවෙන් ආනාවරණයවීම ඇත.

ඉහළ යමින් පවතින උද්ධමනය සහ ජීවනෝපායන් අහිමිවීම වාර්තාගත ලෙස වැඩිවෙන ජීවන වියදම සමග පොරබැදීමේ මිනිසුන්ගේ හැකියාවට අතිශයින් බලපෑමක්වී ඇත. ආදායම් අහිමිවීම විශාල ලෙස ආහාර අනාරක්ෂිතභාවයට හේතුවන අතර උද්ධමනයෙන් බෙහෙත් මිල වැඩිවීමක්ද ඉන්ධන වියදමින් අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සත්කාර ලබාගැනීමේ ප්‍රවේශය වැළැක්වීමක්ද වෙයි. මෙහිදි දරුවන් සමග ජීවත්වන තනි කාන්තාවන්,ආබාධ සහිත පුද්ගලයින්, වැඩිහිටියන්,අනියම් කම්කරුවන්,ධීවරයින් දැඩි අපහසුතාවයන්ට පත්වු කාණ්ඩායම් අතර ප්‍රමුඛවේ.

මෙහිදි කොළඹ ගලදාරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වු ජාත්‍යාන්තර රතුකුරුස සහ රතුඅඩසඳ සමාජ සම්මේලනයේ ආසියා පැසිපික් කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මතෙව් මහතා අදහස් දක්වමින් මෙසේද කීය…..මෙම වාර්තාව දැනටමත් දරිද්‍රතා රේඛාවෙන් පහල සිටින වඩාත් පීඩාවට පත් ජනතාව තවදුරටත් බලාපොරොත්තු සුන්වු තත්ත්වයට තල්ලු කර ඇති ආකාරය පිළිබඳ සහතිකයක් සපයයි. මෙම තත්ත්වයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව විශාල ලෙස මුදල් ණයට ගැනීමේ ආහාර අඩුවෙන් ගැනීමේ දේපල උකස් කිරීමේ සහ අවශ්‍ය මූලික දේවල් සඳහා මුදල් ගෙවීමට දිවිපැවැත්ම උදෙසා වෙනත්ක්‍රමෝපායන් යෙදි සිටිති.
මේ අයට සරණවීම සඳහා ජාත්‍යාන්තර රතුකුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ආධාර පිණිස ස්විස් ප්‍රෑන්ක් මිලියන විසිඅටක් හදිසි මානුෂ්‍යවාදි ආධාර ලබාගැනීම පිණිස හදිසි ආයාචනයක් කර තිබෙනවා.ජාත්‍යාන්තර රතුකුරුස සහ රතු අඩසඳ සමාජ සම්මේලනය ඉල්ලීම අනුව ජාත්‍යාන්තර රතුකුරුස කමිටුව ආර්ථික අර්බුදයෙන් උද්ගතව ඇති මානුෂ්‍යවාදි ගැටලුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට ආධාර කරන අතර එහිදි සෞඛ්‍ය සත්කාර සේවා පද්ධතියට වෛද්‍ය උපකරණ සහ පීඩාවට පත් ජනතාවට ආර්ථික ආධාර පරිත්‍යාග කිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.

මෙම වාර්තාව සකස් කිරීමට සමීක්ෂණය සිදුකළ කණ්ඩායම වෙනුවෙන් ආචාර්ය සිංහ වික්‍රමසේකර මහතාද වාර්තාව පිළිබඳ කරුණු විස්තර කළේය.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments