25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedඅහුංගල්ලේ වෙඩිතැබීමට අනුබලදුන් අය හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අහුංගල්ලේ වෙඩිතැබීමට අනුබලදුන් අය හා නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරමුන් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

අහුංගල්ලේ වෙඩි තැබීමට අධාර අනුබල දුන් පුද්ගලයකු හා යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන්වරයකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරින්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් සියල්ල සිදුකර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අබෙිකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය දකුණු පලාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පො.ප. එච්.ජී.එස්.සී. නිශ්ශංක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කොක්මාදූව උප කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (15) මීගහතැන්න පොලිස් වසමේ තල්පැදිවෙල, මීගහතැන්න ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඉකුත් (12) අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමට අදාලව මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට අධාර අනුබල දීම යටතේ ඉහත සිදුවූ වෙඩි තැබීමට අදාල දුරකථන සංවාද පවත්වා ඇති ජංගම දුරකථනයක්ද සමඟ මීගහතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු 2022.10.15 දින අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා (16) අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

අහුංගල්ලේ වෙඩි තැබීමට T56 ගිණි අවිය ලබාදුන් යුද්ධ හමුදා මාණ්ඩලික සැරයන් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ඒ මහතාගේ නියෝග හා උපදෙස් පරිදි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් අභයකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි පොලිස් පරීක්ෂක එස්.කේ. කග්ගොඩආරචිචි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් සමඟ ඒකාබද්ධව (16) කිලිනොච්චිය පොලිස් වසමේ දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තුව කිලිනොච්චිය කදවුරේ දී අත්අඩංගුවට ගැනීමක් සිදුකර ඇත.ඉකුත් (12) අහුංගල්ල පොලිස් වසමේ පිහිටි RIU හෝටලය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමට භාවිතා කල දෙවන කමාන්ඩෝ රෙජිමෙින්තුව කිලිනොච්චිය කදවුරට අයත් T56 – 2612651 අංක දරන ගිණි අවිය පෙර අත්අඩංගුවට ගන්නා ලද රණසිංහ ආරච්චිගේ සම්පත් ප්‍රියංක යන අයගේ සහෝදරයා වන රණසිංහ ආරච්චිගේ දිනේෂ් සමන්ත යන අයට ලබා දී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට ආධාර අනුබල දීම සමිබන්ධයෙන් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක කමාන්ඩෝ මාණ්ඩලික සැරයන් (RSM) වරයෙක් ජංගම දුරකථන 02 ක් සමඟ රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කේරළ ගංජා ජාවාරමේ යෙදුනු පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ප්‍රධාන කඳවුර භාර නිලධාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පි. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) මීගමුව පොලිස් වසමේ ශාන්ත පීතර මාවතේ සතොස ගබඩාව අසල දී වැටලීමක් සිදුකර කේරළ ගංජා කිලෝ 02, ග්‍රෑම් 130 ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුනු මීගමුව දෙහිමල්වත්ත පාර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයකු ජාවාරමින් උපයාගත් මුදල් රුපියල් 285,000.00 ක් හා ජංගම දුරකථනයක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගමුව පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මත්පෙති සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ නිලධාරින්ට පේදුරුතුඩුව නාවික හමුදා කදවුරේ බුද්ධි අංශයේ නිලධාරින්ගෙන් ලැබුණු බුද්ධි තොරතුරකට අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරච්චි මහතාගේ අධීක්ෂණය යටතේ හා සහකාර පොලිස් අධිකාරි කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය නෙල්ලිඅඩි කඳවුරේ උප පොලිස් පරීක්ෂක ඩී.එච්.ඩබ්.ටී.එල්. සේනානායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) චුන්නාගම් පොලිස් වසමේ අම්මන් කෝවිල අසල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පැය 1600 ට වෛද්‍ය නිර්දේශ නොමැතිව, අන්තරාදායක ඖෂධයක් වන PREGABALIN CAPSULES (150 Mg) මත්පෙති 278 ක් ළඟ තබාගෙන සිටි ඒලාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා චුන්නාගම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments