රුපියල් ලක්ෂ 15 කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වත්තල දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි එච්.එම්.කේ. විජේසිංහ මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත ස්ථානාධිපති විශේෂ මෙහෙයුම් පොලිස් පරීක්ෂක එස්.ඩී.පී.එන්. දේශප්‍රිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (21) මට්ටක්කුලිය පොලිස් වසමේ අප්පුගේවත්ත, වත්තල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 152 ක් සහ මුදලින් රුපියල් 381,000.00 ක් හා ඩිජිටල් තරාදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි වත්තල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා එඩේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මට්ටක්කුලිය අලිවත්තේ ඉකුත් අගෝස්තු (29) අසිතගේ ඝාතනයට යොදාගත් යතුරු පැදිය සමඟ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාරම්කරුවන් වන දැනට ඩුබායිහි සැඟව සිටින කසුන් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරු සහ රූබන්ගේ ගෝලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර මහතාගේ මග පෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි උප ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ඩබ්.ඒ.ජේ.පී.කේ. වන්නිආරචිචි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2022.10.21 වන දින මට්ටක්කුලිය පොලිස් වසමේ අංක 507/3, වෙල්ස් කුමාර මාවත, කොළඹ 14 ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඉකුත් අගෝස්තු (29) රණවක ආරච්චිගේ අසිත මදුරංග පෙරේරා නොහොත් අලිවත්තේ අසිත නැමැත්තාගේ ඝාතනය සදහා පැමිණි ඝාතකයින් පැමිනි යතුරු පැදිය ඝාතනයෙන් පසුව ප්‍රබල මත්ද්‍රව්‍ය ජාරම්කරුවකු වන දැනට ඩුබායි රටේ සැගව සිටින කසුන් නැමැත්තා සහ රූබන් නැමති මත්ද්‍රව්‍ය ජාවරම්කරු විසින් දුරකථන මාර්ගයෙන් මෙම යතුරු පැදිය කොටස් කර විකිණීම සදහා අධාර අනුබල දුන් වේල්ස් කුමාර මාවත, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු, ආදුරුප්පු විදිය, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් පුද්ගලයකු සහ ප්‍රවිනිසම් පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු මට්ටක්කුලිය පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
