21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්Designed for Life නිෂ්පාදන පෙළ හඳුන්වා දෙමින් ෆීනික්ස් ප්‍රථම වරට කීල්ස් සුපිරි...

Designed for Life නිෂ්පාදන පෙළ හඳුන්වා දෙමින් ෆීනික්ස් ප්‍රථම වරට කීල්ස් සුපිරි වෙළෙඳසැල් සමඟ හවුල් වේ.

ෆීනික්ස් සමාගම Designed for Life නමින් නව ගෘහ නිෂ්පාදන පෙළක් පසුගියදා හඳුන්වා දුන්නේය. ආහාර බහාලුම්, රෙදි සෝදන බඳුන්, ළදරු නාන තටාක ආදී පුළුල් පරාසයක විහිද යන මෙම නව නිෂ්පාදන පෙළ දිගු කල්පැවැත්ම, මනා සුවපහසුව, ඉහළ ප්‍රමිතිය සහ විශිෂ්ට නිමාව තහවුරු කරමින් අලංකාර ලෙස නිපදවා ඇත. ශ්‍රී ලාංකීය ජනතාවගේ එදිනෙදා ගෘහ අවශ්‍යතා පිළිබඳව දශක ගණනාවක් පුරා විශේෂඥ දැනුමක් ඇති සන්නාමයක් වන ෆීනික්ස්, වත්මන් පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් මෙම නව නිෂ්පාදන පෙළ ඉදිරිපත් කර ඇත. මෙම නව නිෂ්පාදන පෙළ දැන් කොළඹ 01 ඩාර්ලි පාරේ පිහිටි ප්‍රතිසංස්කරණය කළ කීල්ස් සුපිරි වෙළෙඳසැලෙන් ඔබට මිලට ගැනීමට හැකිය. කීල්ස් සුපිරි වෙළෙඳසැලට එදිනෙදා භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට සිය ගේ දොර අවශ්‍යතාවලට ගැළපෙන පරිදි මෙම නව ෆීනික්ස් නිෂ්පාදන තෝරා ගත හැකිය.

ජනතාවගේ එදිනෙදා ජීවන රටාව පහසුවෙන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය උසස් තත්ත්වයෙන් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් සපිරි නවීන පන්නයේ නිෂ්පාදන නිරන්තරයෙන් හඳුන්වා දෙන ෆීනික්ස් සමාගම වෙළෙඳපොලට ඉදිරිපත් කළ මෙම නව නිෂ්පාදන පෙළ කලින් පරීක්ෂා කර බලා විශ්වාසයෙන් යුතුව මිලට ගත හැකිය. Designed for Life නිෂ්පාදන පෙළ එළි දැක්වීම සඳහා ෆීනික්ස් සමාගමට සුවිශේෂ සහයෝගයක් දක්වන කීල්ස් සුපිරි වෙළෙඳසැල් ජාලයේ කළමනාකරණ කණ්ඩායමට ෆීනික්ස් සමාගම තම හද පිරි ස්තුතිය පළ කරයි. ඉදිරියේදී මෙම හවුල්කාරිත්වය තුළින් නව අවස්ථා ගවේෂණය කරමින් පාරිභෝගිකයන්ට වාසි රැසක් සැපයීමට ෆීනික්ස් සමාගම බලාපොරොත්තු වේ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments