29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්බදියුදීන් විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි ගැන CID විමර්ෂණ

බදියුදීන් විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි ගැන CID විමර්ෂණ

මහජන මුදල් අවභාවිතයෙන් හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා විසින් මන්නාරම ප්‍රදේශයේ ඉදිකළ ගොඩනැගිලි සම්බන්ධයෙන් CID විමර්ෂණ සිදු කරගෙන යනවා..- අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා මන්නාරම ප්‍රදේශයේ සිදු කළ සංචාරයේදී හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ඉදිකරවනු ලැබූ ගොඩනැගිලි පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා විසින් මෙසේද කියා සිටියේය……පුද්ගලික අංශය සතුව පැවති ඉඩමක් සමූපකාර ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කර එම ව්‍යාපාරයේ මුදල් වෙනුවට කැබිනට් මණ්ඬල තීරණ අනුව රජයෙන් මුදල් ලබා දෙමින් තමයි මෙම ව්‍යාපෘතිය කරගෙන ගිහින් තිබෙන්නේ. මහජන බදු මුදල් එලෙසින් වියදම් කරන ක්‍රමවේදයක් මාගේ දැනීමේ හා විශ්වාසයේ හැටියට නැහැ. අපිට මෙම ඉදිකිරීම් සිදු කරන රාජ්‍ය අංශයේ ආයතන ඇතුළු අනෙකුත් කොන්ත්‍රාත්කරුවන් හට හිඟ මුදල් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හැකියාව පවතින්නේ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සිදු කරගෙන යන විමර්ෂන අවසාන වීමෙන් පසුවයි. කෙසේ නමුත් අපිට මෙම ගොඩනැඟිලි විනාශ කිරීමේ හැකියාවක් නැහැ. ඒ නිසා දැනට පවතින විමර්ශන වලින් පසුව අපි මෙම ඉදිකිරීම් මෙම ප්‍රදේශයේ පොදු ජනතාවගේ යහපත පිණිස යොදාගත හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වනවා.

මෙම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් එම ඉදිකිරීම් කටයුතු වල වත්මන් තත්වය ද නිරීක්ෂණය කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments