දීර්ඝ කාලයක් තිස්සේ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු දෙමටගොඩ ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ආර්. සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. කීර්ති විජේසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ පොලිස් පරීක්ෂක එස්.පී. ගුණතිලක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (24) දෙමටගොඩ පොලිස් වසමේ අංක 147/50, ශ්‍රි ධර්මරාම පාර, දෙමටගොඩ, කොළඹ 09 ලිපිනයේ දී වැටලීමක් සිදුකර . අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08, මිලි ග්‍රෑම් 660, හෙරොයින් ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 790 ක්, ජාවාරමෙන් උපයා ගන්නා ලද මුදල් රුපියල් 12,900 ක් සහ ඩිජිටල් තරාදියක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ වරදට දෙමටගොඩ, කොළඹ 09 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත.මොහු දීර්ඝ කලයක් තිස්සේ ඉතාම සුක්ෂම අයුරින් මෙම හෙරෝයින් විෂ මත්ද්‍රව්‍යයක් වන අයිස් ජාවාරම සිදුකර ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙමටගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.