29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරඟ කිරීමට නම් සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි-...

ලොව නිෂ්පාදන වෙළෙඳපොළ හා තරඟ කිරීමට නම් සියලු කර්මාන්ත තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි- කර්මාන්ත ඇමති

කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථය යටතට එක්කල කාර්මික තාක්ෂණ ආයතනයේ ( ITI ) බෞද්ධාලෝක මාවතේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ විද්‍යා මාවතේ මෙන්ම මාලඹේ පිහිටි තාක්ෂණ සේවා පරිශ්‍රයනුත් නිරීක්ෂණයට වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද ( ඔක්තෝබර් 24 ) උදෑසන එක්විය.

1955 දී ආරම්භ කොට 1994 විද්‍යා තාක්ෂණ පනත මගින් බලගැන්වුනු කාර්මික තාක්ෂණ ආයතනය මේ වනවිට රටේ කර්මාන්ත සංවර්ධනය උදෙසා තාක්ෂණික බලගැන්වීම් සිදු කරන ප්‍රධාන ආයතනයකි.
එමෙන්ම කර්මාන්ත සදහා තාක්ෂණ පර්යේෂණ හා සංවර්ධනයන් සිදුකිරීම , ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී තාක්ෂණික සේවා සැපයීම , පසු අස්වනු තාක්ෂණය , ආහාර, ශාකසාර, ද්‍රව්‍ය, පරිසරය සහ ජෛව තාක්‍ෂණය පිළිබඳව පර්යේෂණ හා සංවර්ධන කටයුතු සිදු කිරීම , විවිධ නිෂ්පාදන සදහා විද්‍යාගාර තාක්ෂණ පහසුකම් සැපයීම ආදි කාර්යන් රැසක් මේ වනවිට එම ආයතනය සිදුකරනු ලබයි.

එම නිරික්ෂණ අවස්ථාවේදී ITI හි ප්‍රගති සමාලෝචනය සිදුකෙරුණු අතර අනාගත පරම්පරාව වෙනුවෙන් විද්‍යාත්මක හා කාර්මික සම්පත් කළමනාකරණ ව්‍යුහාත්මක සැලැස්ම ඉදිරිපත් කිරීමද ITI කලමනාකාරිත්වය විසින් සිදුකෙරිණි.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ කර්මාන්ත සදහා රාජ්‍ය ආයෝජනය වැඩි කලයුතුයි. කාර්මික තාක්ෂණ ආයතනය ආරම්භ කොට ඇති අරමුණ වඩාත් බලගන්වමින් සියළු කර්මාන්ත සදහා නව තාක්ෂණික එළඹුම් වඩ වඩාත් හදුන්වා දිය යුතුවේ එමෙන්ම ලෝකයේ නිෂ්පාදන ඉල්ලුමට තරඟ කිරීමට මෙන්ම ඉන් වැඩි ආර්ථික ප්‍රතිලාභයක් රටට අත්කර දීමට නම් නූතන තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් කර්මාන්ත බලාත්මක වියයුතු බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා පෙරදිග ලෝකයේ සාම්ප්‍රදායික කර්මාන්ත ඔස්සේ ලෝකයේ අවධානය දිනාගත් නිෂ්පාදනයන් අද්‍යතන තාක්ෂණය හා මුසුකොට අගය දාම නිෂ්පාදන වැඩපිළිවෙළක් හරහා ලොවට ගෙන යා යුතුයි.
මෙම අවස්ථාවට කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපති ආචාර්ය සිරිමල් ප්‍රේමකුමාර , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම , මහාචාර්ය රාධිකා සමරසේකර , මහාචාර්ය රංජිත් ජයසේකර , මහාචාර්ය අතුල පෙරේරා , අමාත්‍යංශ නිළධාරින් , ITI නිළධාරින් ඇතුළු සම්භාවනීයන් රැසක් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments