ලිට්‍රෝ ගෑස් සමාගම වෙත ලෝක බැංකුව ලබාදුන් ණයවලින් තවත් රුපියල් රුපියල් බිලියන 7.5ක් ඊයේ(24) ගෙවු බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් ‘දිනමිණ‘ වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලෝක බැංකුව ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන හැත්තෑව රුපියල්වලින් රුපියල් බිලියන විසිහයක් වන අතර එයින් ඉකුත් ඔක්තොම්බර් මාසයේ රුපියල් බිලියන 6-5ක්ද ඊයේ තවත් රුපියල් බිලියන 7.5ක්ද ගෙවු අතර ඉතිරි රුපියල් බිලියන 12 ලබන දෙසැම්බරයේ ගෙවා නිමකිරීමට කටයුතු කරන බවයි.
මෙහිදි ලබන නොවැම්බර් මාස (05) යෙදෙන ගෑස් මිල සූත්‍රයට අනුව ගෑස් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් තිබෙන බවද පැවසීය.