ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරමි කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වනදැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින මහවත්ත චාමරගේ ප්‍රධාන ගෝලයෙකුලක්ෂ 03ක් පමණ වටිනා ඈෂ් විෂ මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත. එහිදී සහකාර පොලිස් අධිකාරි ( බුද්ධි/විශේෂ මෙහෙයුමි/ මත්ද්‍රව්‍ය නාශක )සාගර කුලසේකර මහතාගේ සෘජු අධීක්ෂණය සහ මෙහෙයවීම යටතේ විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක කෝසල ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ ඉඟුරුකඩේ හංදිය අසල ලංකා බැංකුව ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ලක්ෂ 03ක් පමණ වටිනා හෂීෂ් හෙවත් ඈෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 142 ක් ජාවරම් කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි මහවත්ත පාර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුගෙන් වැඩිදුරටත් සිදුකල ප්‍රශ්න කිරීමේදී මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වන මහවත්ත චාමර නැමැති පුද්ගලයා සමඟ සම්බන්ධතා පවත්වන බවටත් ඹහු ගෙ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන ගෝලයෙකු බවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත.
යම්කිසි අපරාධයක් කිරිමේ චේතනාවෙන් නිතී විරෝධී කඩු, මන්නා පිහි සහ කිනිසි ගබඩාවක් සමග පුද්ගලයින් හය දෙනෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
විශේෂ කාර්ය බලකාය මූලස්ථාන කදවුරට අනුයුක්තව කොළඹ ප්‍රදේශයේ ආරක්ෂව සම්බන්ධයෙන් යොදා ඇති දිවා යතුරුපැදි සංචාරක රාජකාරි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම් සහ මත්ද්‍රව්‍ය නාශක) ඩී.එස්. කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක වි.ඒච්.ජි.ඒන්.අයි. ජනසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වැල්ලම්පිටිය පොලිස් වසමේ වෙලේවත්ත, කොටුවිල, වැල්ලම්පිටිය යන ප්‍රදේශ වල දී වැටලීමක් සිදුකර යම්කිසි අපරාධයක් කිරිමේ චේතනාවෙන් ඒ සදහා සුදානමි වෙමින් සිටි නිතී විරෝධී කඩු, මන්නා පිහි සහ කිනිසි සන්තකයේ තබාගෙන සිටි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරැදු 20,21,26,27,වියෙහි පසුවන තරුණ පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
