23.5 C
Sri Lanka
Monday, June 23, 2025
Homeවිදේශීය පුවත්බ්‍රිතාන්‍යයේ නව අගමැති ආසියානු සම්භවයක් ඇති අයෙක්.

බ්‍රිතාන්‍යයේ නව අගමැති ආසියානු සම්භවයක් ඇති අයෙක්.

එක්සත් රාජධානියේ පළමු ආසියානු සම්භවයක් ඇති අගමැතිවරයා ලෙස රිෂී සුනක් අද (ඔක්. 25) පත් විය.

බකිංහැම් මාලිගයේදී චාල්ස් රජු හමුවීමෙන් අනතුරුව ඔහු බ්‍රිතාන්‍ය අගමැති ධූරය නිල වශයෙන් භාරගනු ලැබුවේ ය.

පසුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු ලන්ඩනයේ ඩවුනින් වීදියේ පිහිටා ඇති අංක 10 දරන අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරියේ සිට සිය පළමු නිල නිවේදනය නිකුත් කළේ ය.

එහිදී ඔහු ප්‍රකාශ කළේ, එක්සත් රාජධානිය “ගැඹුරු ආර්ථික අර්බුදයකට” මුහුණ දෙන බව ත් හිටපු අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස්ගේ ඇතැම් වැරදි, නිවැරදි කිරීමට කොන්සර්වේටිව් පක්ෂයේ නව නායකයා ලෙස ඔහු තෝරාගෙන ඇති බව ත් ය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments