29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පොලිසිය සරත්ට ?/ තාක්ෂණය විජයදාසට?

පොලිසිය සරත්ට ?/ තාක්ෂණය විජයදාසට?

වත්මන් රාජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර මහතාට කැබිනට් ඇමති ධූරයක් සඳහා පත් කිරීමට නියමිතව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය දා ගැසට් කරන ලද පොලිසිය ඇතුළු ආයතන කිහිපයක් ඇතුළත් ‘මහජන ආරක්ෂක අමාත්‍යාංශය’ ඔහුට එය හිමි වීමට ඉඩකඩ ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

දැනටමත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම කැබිනට් ඇමති ධුරය සඳහා දෙපාර්තමේන්තු හා ආයතන නම් කර තිබේ.

නව අමාත්‍යංශ සඳහා ශ්‍රී ලංකා පොලිසිය, සිවිල් ආරක්ෂ දෙපාර්තමේන්තුව, ජාතික පොලිස් අභ්‍යාස විද්‍යාලය, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන අයත් වෙයි.

එමෙන්ම පසුගිය දා ගැසට් කරන ලද අනෙක් අමාත්‍යාංශය වන තාක්ෂණ අමාත්‍යාංශය විජයදාස රාජපක්ෂ මහතාට ලබා දීමට නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments