25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් - මියගිය පුද්ගලයන්ගේ විස්තර හෙළිවේ

මෙරටින් තවත් කොවිඩ් මරණ දෙකක් – මියගිය පුද්ගලයන්ගේ විස්තර හෙළිවේ

තවත් කොරෝනා මරණ 02 ක් ඊයේ රාති‍්‍රයේ වාර්තා වුණා. 

කොවිඞ් ආසාදනය සමග ඇති වූ නිධන්ගත රෝග හේතුවෙන් එලෙස මියගොස් ඇත්තේ කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවක් සහ පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්. කොළඹ 12 ප‍්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී, කොවිඞ් ආසාදනය සමග ඇති වූ අධික රුධිර පීඩන තත්ත්වයක් හමුවේ මියගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ. 

පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයා පිඹුර මූලික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත්තේ උග‍්‍ර අක්මා රෝගී තත්ත්වයක් හේතුවෙන්. එම මරණ 02 ත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 96 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර, ඊයේ දිනයේදී පමණක් කොරෝනා ආසාදිතයින් 502 දෙනෙකු හ`දුනා ගැනුණා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 17,938 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ස`දහන් කළා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments