.
දිගු කාලයක් සිර දඩුවම් විදින රැදවියන්, අසනීප හා මහලු රැදවියන් පිළිබඳ සානුකම්පිතව සොයා සහනයක් ලබාදීමට දැනට පවතින නීති සහ රීති වෙනස් කිරීමට කටයුතු කරන බව වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් අධිකරණ අමාත්‍යවරයා පවසයි.
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ( 28) වැලිකඩ බන්ධනාගාරයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වු අතර එහිදී සිරකරුවන් මුහණ දී සිටින ගැටළු පිළිබදව මෙන්ම බන්ධනාගාරය තුළ පවතින පහසුකම් පිළිබදව විශේෂ සොයා බැලීමක් සිදු කළේය.
අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටි අතර, මෙම නිරීක්ෂණ චාරිකාවෙහි විශේෂත්වය වුයේ අධිකරණ අමාත්‍යවරයා සහ නිලධාරීන් බන්ධනාගාරය වෙත පැමිණෙන බවට පූර්ව දැනුම්දීමක් සිදු කර නොතිබීමයි.
මරණ දඩුවම නියමව සිටින හා ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදින සිරකරුවන් ඇතුළු සිරකරුවන් හමුවු ඇමැති රාජපක්ෂ මහතා ඔවුන්ට පවතින ගැටළු පිළිබඳ සාකච්ඡා කළ අතර බන්ධනාගාරයේ මුළුතැන්ගෙයෙහි කටයුතු හා කර්මාන්ත ශාලා පරිශ්‍රයන් ද විශේෂ නිරීක්ෂණයට ලක් කළේය.
බන්ධනාගාරයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදහස් පළ කළ අධිකරණ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
බන්ධනාගාරගත රැදවියන් මුහුණ දෙන ප්‍රායෝගික හා නීතිමය ගැටළු පිළිබදව අවධානය යොමු කළ බවත්, විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිර දඩුවම් විදින රැදවියන් පිළිබදව සොයා බලා සුදුසු පියවර ගැනීමට පත් කරන ලද සමාලෝචන කමිටුවලින් අපේක්ෂිත ප්‍රතිඵල ලැබී නොමැති බවත්, ඒ හේතුවෙන් නව සමාලෝචන කමිටු පත් කිරීමට පියවර ගන්නා බවත්, අමාත්‍යතුමා සදහන් කළේය.
විශේෂයෙන් දීර්ඝ කාලයක් තිස්සේ සිර දඩුවම් විදින රැදවියන්, අසනීප තත්වයේ සිටින රැදවියන් හා මහලු රැදවියන් පිළිබදව සානුකම්පිතව සලකා බලා ඔවුන්ට සහනයක් ලබාදීම සදහා දැනට පවතින නීති සහ රීති වෙනස් කිරීමට කටයුතු කරන අතර, ඒ සඳහා වු පනත් මේ වන විටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.
පවතින ආර්ථික ආර්බුදය හමුවේ මුල්‍යමය අපහසුතාවයන් මධ්‍යයේ වුව ද බන්ධනාගාර කටයුතු බාධාවකින් තොරව පවත්වා ගෙන යාම සදහා බන්ධනාගාර නිලධාරීන් විශාල වෙහෙසක් ගන්නා බවත්, විශේෂයෙන් මුළු තැන්ගෙය ඇතුළු ස්ථාන දැනට පවතින තත්වයටත් වඩා තවදුරටත් පවිත්‍රව තබා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවත්, අධිකරණ අමාත්‍යතුමා වැඩිදුරටත් සදහන් කළේය.